ඇෆ්ගනිස්ථානයේ ජලලබාද් නගරයේ ක්‍රීඩාංගනයක වීසා අයදුම්කරුවන් පිරිසක් අතර ඇතිවූ කලබලයක් හේතුවෙන් කාන්තාවන් 11 දෙනෙකු මියගොස් තවත් බොහෝදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පාකිස්ථානයට ගමන්කිරීමට වීසා ඉල්ලුම් කළ දහස් ගණනක පිරිස ක්‍රීඩාංගනයට එක්රැස් වීමෙන් පසු මෙම කලබලය ඇතිවී තිබේ.
ජලලබාද් නගරයේ සාමාන්‍යයෙන් වීසා නිකුත් කරන මධ්‍යස්ථානයට පැමිණි එම පිරිස පකිස්ථාන කොන්සල් කාර්යාලය විසින් පාපන්දු ක්‍රීඩාංගනයකට හරවා යවා ඇත.
දස දහස් සංඛ්‍යාත ජනතාවක් පාපන්දු ක්‍රීඩාංගනයට එක්රැස් වී ඇති අතර එහිදී තෙරපීම හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
කොරෝනා පැතිරීමෙන් මාස හතකට පසුව පකිස්ථානයට වීසා ලබාදීම ආරම්භ වී තිබේ. බොහෝ ඇෆ්ගනිස්ථාන වැසියන් , ඥාතීන් හමුවීමට, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට, රැකියා සොයා ගැනීමට හෝ ඇෆ්ගනිස්ථානයේ ප්‍රචණ්ඩත්වයෙන් මිදීමට සෑම වසරකම අසල්වැසි පාකිස්ථානයට ගමන් කරති.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
713
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වීසා ගන්න ගිය 11 ක් මරුට