
ඉරාකයේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශ හරහා හමා ගිය වැලි කුණාටුවකික් හේතුවෙන් දහසට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව පැවැසෙයි.
වැලි කුණාටුවට මැදිවුණු බොහෝ දෙනකු ස්වසන ආබාධවලින් පීඩා විඳින බවත්, ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් පැවැසෙයි. එලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත් පිරිස 700 කි.
වැලි කුණාටුවත් සමඟ ඉරාකයේ නගර තැඹිලි පැහැති මීදුම් පටලයකින් වැසී ගියේ යැයි ද පැවැසෙයි. ගුවන් ගමන් ද තාවකාලිකව අඩපණ විය.
ඉරාකයේ දූවිලි කුණාටු සුලභ වුවද, දේශගුණික විපර්යාස හේතුවෙන් ඒවා වැඩි වැඩියෙන් සිදුවන බව ඇතැම් විද්‍යාඥයන්ගේ අදහසය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd