
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් සිකුරාදා (23) සිට සති දෙකක කාලයක් සඳහා වේල්ස් අගුලු දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන දැනටමත් පිරී ඇති බැවින් මෙම පියවර අනුගමනය කිරීමට සිදුවූ බව වේල්සයේ අමාත්‍යවරයෙකු වන මාර්ක් ඩ්‍රෙක්ෆර්ඩ් කියා සිටියේය.
"වේල්සයේ සෑම කෙනෙකුම නිවෙස් වල රැඳී සිටිය යුතුයි. අප ඉක්මනින් ක්‍රියා නොකරන්නේ නම් වයිරසය තවත් වේගයෙන් පැතිරෙනු ඇත. සීමා කිරීම් වලින් ජනතාව වෙහෙසට පත්ව සිටින බව අප වටහාගෙන සිටින නමුත් වයිරස ව්‍යාප්තිය පාලනයට දැඩි නීතිරීති අවශ්‍ය බව විශේෂඥයින් පවසනවා." යැයි හෙතෙම වැඩිදුරටත් පවසයි.
වයිරස ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වුණු ව්‍යාපාර සඳහා පවුම් මිලියන 300ක අරමුදලකින් සහන සැලසෙනු ඇතැයි ද ඩ්‍රෙක්ෆර්ඩ් පැවසීය.
සිකුරාදා ආරම්භ වන අගුලු දැමීම නොවැම්බර් මස 09 වැනිදායින් අවසන් කිරීමට නියමිතය. එම කාලය තුළ අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල්, විවේක ස්ථාන සහ සංචාරක ව්‍යාපාර වසා දැමෙනු ඇත.
පසුගිය පැය 24 තුළ එක්සත් රාජධානියෙන් නව ආසාදිතයන් 16,982ක් වාර්තා වී තිබේ.
උතුරු අයර්ලන්තය සිකුරාදා සිට සති හතරක කාලයක් සඳහා දැඩි සීමා කිරීම් පැනවීය. ස්කොට්ලන්තය ද සංචාරකයින් සඳහා නව සීමා පැනවීය.
එක්සත් රාජධානියෙන් මේවනවිට කොරෝනා ආසාදිතයින් 741,212ක් වාර්තා වී ඇති අතර මරණ 43,726ක් සිදුවී තිබේ.
රොයිටර් පුවත් ඇසුරිණි
085
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වේල්සය සති දෙකකට අගුලු දමයි