‘වැලන්ටයින් දිනය’ වෙනුවෙන්, සිත රිදවා, හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි කරමින්, කැරපොත්තකු නම් කිරීමේ වැඩසටහනක් අද (14) ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ සැන් ඇන්තෝනියෝ සත්වෝද්‍යානයේ ක්‍රියාත්මක වෙයි.
සිත රිදවා, හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි කරමින්, නම් කෙරෙන කැරපොත්තා, කැරපොත්තන් ආහාරයට ගන්නා සත්වෝද්‍යානයේ වෙනත් සතකුට කෑමට දීම ද සිදුවෙයි. ඒ, කැරපොත්තාගේ නම කියමින්, නම් තැබූ තැනැත්තා ඉදිරියේය.
සිත රිදවා, හැර ගිය පෙමට මෙසේ නම් තැබීමේ සඳහා මුදලක් අය කෙරේ. ඒ ඇමෙරිකන් ඩොලර් 5 ක් හෝ 25 ක් අතර මුදලකි. මෙම මුදල සත්වෝද්‍යානයේ නඩත්තු කටයුතු සඳහා යෙදවෙයි.
කැරපොත්තාට නම් තැබීමෙන් පසු ඩිජිටල් වැලන්ටයින් කාඞ්පතක් ලබා දීමට ද සත්වෝද්‍යාන බලධාරීන් කටයුතු කර ඇත. ඊට අතරව, හැර ගිය පෙම්වතා හෝ පෙම්වතියගේ දුරකතන අංකය ඇති නම් ඊට ද ඩිජිටල් පණිඩුයක් යැවෙයි. ඒ, සත්වෝද්‍යානය කැරපොත්තකු නම් කළ බව දැනුම් දෙමිනි.
(බීබීසී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වැලන්ටයින් දා පැරණි පෙම සිහිකර කැරපොත්තන් නම් කෙරේ
සෑම් Tuesday, 14 February 2023 11:56 AM
මේ වැඩේ ලංකාව විනාස කරපු දේශපාලකයන් සිහි කරලා කලින් තීරණය කර ගත් එකම දවසක රට පුරා කරමු.
සුනිල් Tuesday, 14 February 2023 03:38 PM
දැන් ඉතින් නිදහස් දිනය පහුවුණා... අපි එහෙම එකක් ඉක්මණින් අවශ්‍ය නම් මැයි 22 කරන්න යෝජනා කරමු. නැත්නම් ඊළඟ නිදහස් දවසේ කරමු...
පිටිගල මිලානෝ Tuesday, 14 February 2023 01:59 PM
ලංකාවේ පෙම්වතුන් හිතාගෙන ඉන්නේ වැලන්ටයින් දිනයට කල යුත්තේ කාමරේකට රිංගීම බවයි.
Bunny Preena Thursday, 16 February 2023 02:25 PM
අපි කැරපොත්තා වෙනුවට මදුරුවකු හඹා ගිහිල්ලා ඕවා නම්කරලා තලමු.. සතයක්වත් වියදම් වෙන්නෙත් නැහැ. ඒ වගේම මදුරුවන්ගෙන් බෝවන ලෙඩ අඩුකරගෙන බෙහෙත්වලට යන සල්ලි ඉතුරු කරගන්නත් පුළුවන්. සිදුවන අකල් මරණ අඩුකර ගන්නත් පුළුවන්. සැමදෙනාටම සැනසිල්ලේ නිදා ගන්නත්, එළි මහනේ රෑට ගැවසෙන්නත් පුළුවන්.