බංග්ලාදේශයේ ඩකා නුවර ආසන්නයේ පසුගියදා සිදු වූ ගොඩනැගිලි අනතුරට ලක් වූවන් මුදා ගැනීමේ මෙහෙයුම්වලට වර්ෂාවෙන් බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ.
බංග්ලාදේශයට බලපා ඇති ධාරණිපාත වැසි සහිත කාලගුණය මුදාගැනීමේ මෙහෙයුම් අඩාල වීමට හේතුවී ඇතැයි එරට ආපදා කළමනාකරණ අංශ පවසයි.
ගොඩනැගිලි අනතුරින් මියගිය ගණන මේ වන විට 1,100 දක්වා ඉහළ ගොස් ඇත. දිනපතා සුන්බුන් අතර සිරවී තිබෙන මළසිරුරු හමුවන බවත් තවමත් ජීවතුන් අතර සිටින පුද්ගලයන් ඇතිදැයි සොයා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව සහන සේවකයෝ පවසති.
අනතුර සිදුවී දින 17කට පසුව ඉකුත් සිකුරාදා සුන්බුන් අතරින් 19 හැවිරිදි තරුණියක් සොයා ගැනීමත් සමඟ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමට අදාළ බලධාරීහු තීරණය කළහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම්වලට වර්ෂාවෙන් බාධා
රංග Monday, 13 May 2013 03:40 PM
මේ ගොලන්න්ට පල දුන්නේ දිගට හරහට පන්සල් හාමුදුරුවරු සහ අහිංසක බෞද්ධ ජනතාව නිකරුනේ ඝාතනය කරපුඑකේ ්‍රපතිඵල තමයි. තමන්ගේම අය නිකරුනේ මැරෙනකොටවත් මේ ගොල්ලන්ගේ මොලේ පෑදේවා කියා හිතෙන අතර මම බෞද්ධයෙක් හැටියට කණගාටුවෙන සහ මෙවන් අකල් කරදර වලින් තොර හෙට දවසක් ඔබ අප සැමට ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා ! (නි)