IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


විපක්ෂ නායක මරා වරද මා පිට දාන්න ඇමෙරිකාව කුමන්ත‍්‍රණය කරනවා

එළැඹෙන ජනපතිවරණයට ඉදිරිපත් වන තම ප‍්‍රතිවාදී අපේක්‍ෂක විපක්ෂ නායක හෙන්රීකේ කැප්රිලේස් ඝාතනය කර, එහි වරද තමා පිට පටවා, හමුදා කුමන්ත‍්‍රණයක් සිදුකර රට අස්ථාවර කිරීමට ඇමෙරිකාව කුමන්ත‍්‍රණය කරන බව චාවේස්ගේ අභාවයෙන් පසු වෙනිසියුලාවේ භාරකාර ජනපති ලෙස කටයුතු කරන නිකලස් මදුරෝ චෝදනා කරයි.
චාවේස්ගේ අනුප‍්‍රාප්තිකයා ද වන මදුරෝ මේ බව කියා සිටියේ පෙරේදා (17) රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. එම කුමන්ත‍්‍රණය පසුපස ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය සහ සී.අයි.ඒ බුද්ධි අංශ නිලධාරීන් සිටිනබව භාරකාර ජනපතිවරයා වැඩි දුරටත් කියා සිටී. ජනපති මදුරෝ ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගෙන් ඉල්ලා සිටියේ එම කුමන්ත‍්‍රණය ගැන වහා සොයා බලා එය නවත්වන ලෙසටය. ඔබාමා එම කුමන්ත‍්‍රණයේ හවුල්කරුවකු නොවන බව ද මදුරෝ පැවැසුවේය.
‘‘සී.අයි.ඒ. සංවිධානය සහ පෙන්ටගනයේ රොජර් නොරිගා සහ ඔටෝ රිච් යන නිලධාරීන් එක් වී සැලැසුම් කරන එම කුමන්ත‍්‍රණය ගැන වහා සොයා බලන්නැයි මා ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගෙන් ඉල්ලා සිටිනවා. කුමන්ත‍්‍රණකරුවන්ගේ අරමුණ වී ඇත්තේ චාවේස්ගේ අභාවයෙව් පසු වෙනිසියුලාව අස්ථාවර කිරීමට” යැයි එම සම්මුඛ සාකච්ඡාවේදී මදුරෝ අවධාරණය කළේය.
වෙනිසියුලාවේ ජනපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන අපේ‍්‍රල් 14 වැනිදාය. ඊට චාවේස්ගේ අනුප‍්‍රාප්තිකයා ලෙස මදුරෝ ඉදිරිපත් වන අතර ඔහුට අභියෝගයක් වීමට විපක්ෂ නායක දක්ෂිණාංශික මතධාරී හෙන්රීකේ සූදානමින් සිටී. හෙන්රීකේ ඇමෙරිකානු හිතවාදියෙකි. ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති ජනපතිවරණයේ දී චාවේස් සමඟ තරඟ කළේ ද ඔහුය. එම මැතිවරණයේදී ද ඔහුට ඇමෙරිකාවේ ද සහාය හිමිවිය. එහෙයින් මදුරෝ එල්ල කරන එම චෝදනාවල කිසිදු පදනමක් නැතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 



අදහස් (0)

විපක්ෂ නායක මරා වරද මා පිට දාන්න ඇමෙරිකාව කුමන්ත‍්‍රණය කරනවා

ෆාරු Tuesday, 19 March 2013 05:18 PM

එහෙම තමයි ඇමරිකාව... (නි)

:       0       0

කරුණාතිලක Tuesday, 19 March 2013 08:42 AM

දේශපාලනය කියන්නේ පුදුම දෙයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1695 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 511 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site