IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


වෛද්‍ය සිසුවියට අතවර කළ චූදිතයන්ට මරණ දඬුවම ඉල්ලයි

ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දුෂණයට ලක් කර මරා දැමූ චූදිතයන් සිව් දෙනාට මරණ දඬුවම දෙන්නැයි ඉල්ලමින් දහස් ගණනක් ඉන්දීය වැසියෝ ඊයේ (11) නවදිල්ලි නුවර දැවැන්ත උද්ඝෝෂණයක යෙදුණහ.

වෛද්‍ය ශිෂ්‍යාව කෙළෙසූ සිව් දෙනා පෙරේදා (10) නවදිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරුවන් වූහ. ඔවුන්ට දඬුවම් නියම කිරීම ඊයේ යෙදී තිබුණ ද විනිසුරු යොගේෂ් ඛන්නා කියා සිටියේ එය ලබන සිකුරාදා තෙක් කල් දමන බවය.  

චූදිතයන් සිව්දෙනාට ජීවිතාන්ත සිරදඬුවමක් නොව මරණ දඬුවම නියම කරන ලෙස උද්ඝෝෂණයට එක් වී සිටි පිරිස කෑ කෝ ගසන්න වූහ.

වෛද්‍ය සිසුවිය සමූහ දුෂණයටත් පහර කෑමටත් ලක් වූයේ ඉකුත් වසරේ දෙසැම්බර් 16 වැනිදා රාති‍්‍රයේ නවදිල්ලි නුවර බස් රියක් තුළදීය. එම අවස්ථාවේ ඇය සිටියේ ඇගේ පෙම්වතා ද සමඟය. ඇයට අතවර කළ බවට සැකපිට සය දෙනකු අත්අඩංගුවට ගැනුණි. ඔවුන්ගෙන් එක් අයකු බාලවයස්කාරයකු බැවින් ඔහුට එරෙහිව වෙනම විශේෂ නඩු විභාගයක් පැවැත්වෙයි.

තවත් සැකකරුවකු අත්අඩංගුවේ සිටිද්දී දිවි නසා ගත්තේය. පෙරේදා අධිකරණය හමුවේ වරදකරුවන් වූයේ සෙසු සිව් දෙනාය.

අතවරයට ලක් වීමත්, පහරකෑමට ලක්වීමත් හේතුවෙන් බරපතළ ලෙස තුවාල ලැබූ එම වෛද්‍ය සිසුවිය දෙසැම්බර් 29 වැනිදා සිංගප්පූරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගියාය.

ඉන්දියාවේ මරණ දඬුවම කි‍්‍රයාත්මක වෙයි. අවසන් වරට, එනම් මීට සති කිහිපයකට පෙර එල්ලා මරා දැමුණේ 2008 වසරේ දී මුම්බායි නුවරට පහර දුන් පාකිස්තාන ත‍්‍රස්තවාදීන්ගෙන් ජීවග‍්‍රහයෙන් අල්ලා ගත් කසාබ් නමැති තරුණයායි.
 

උද්ඝෝෂණයට  එක්  වූ  පිරිස

 



අදහස් (0)

වෛද්‍ය සිසුවියට අතවර කළ චූදිතයන්ට මරණ දඬුවම ඉල්ලයි

කසුන් Thursday, 12 September 2013 09:26 AM

වරුණ, ඔයගේ අදහස් මමත් අනුමත කරනවා. (ස)

:       0       0

අචිනි Thursday, 12 September 2013 09:36 AM

අවාසනාවකට අපේ රටේ මෙහෙම කොන්ද පණ තියන ජනතාවක් හිටියත් වැරදි කරන්නේ බලවතුන් බැවින් උද්ඝෝෂණය කරන්න ඉඩක් නෑ. දඩුවම් දෙන්න අධිකරණයට ඉඩකුත් නෑ . (ස)

:       0       0

නෙතුමි Thursday, 12 September 2013 10:16 AM

මේ මිනිස්සු බලසම්පන්නද,, අපේ රටේ පාලකයන්න මේ වගේ ජනතාවක් උන්නනම් අද රට යන්නන්වාලේ යන්නේ නැහැ, (දී)

:       0       0

මහසෙන් Thursday, 12 September 2013 03:03 AM

ඉන්දියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ... ප්‍රාදේශීය සබාපතිකමක් ෂුවර්. (නි)

:       0       0

ඩී. Thursday, 12 September 2013 07:26 AM

මහසෙන්, ලංකාවෙ එහෙම වුණොත් වැඩිහරියක් ප්‍රාදේශීය සභාපතිලා මරන්න වෙනවා (නි)

:       0       0

වරුණ Thursday, 12 September 2013 07:57 AM

තංගල්ලේ ,අකුරැස්සේ ප්‍රාදේශීය සභා අයියලාත් ඉපදෙන්න තිබුනේ ඉන්දියාවේ.ලංකාවේ මිනිසුන්ගේ අවාසනාවට ඔවුන් ඉපදුනේ ලංකාවේ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ග්‍රීසියට භූමිකම්පාවක්
2025 මැයි මස 14 73 0

ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 605 1

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්
2025 මැයි මස 14 86 0

විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව


බ්‍රිතාන්‍ය අගමැතිගේ පවුලේ නිවස ගිනි අරන්
2025 මැයි මස 14 49 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස


යානය බිම දැම්මට රුසියාව චෝදනා
2025 මැයි මස 14 117 0

මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 3305 5

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1433 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1621 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site