IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


වීඩියෝ ක්‍රීඩාව පැටවුන්ට අන්තිම නරකයි

වීඩියෝ ක්‍රීඩාවක් ආකාරයට දක්වමින් 15 හැවිරිදි පිරිමි දරුවකු බැංකුවක් කොල්ලකෑමේ සිද්ධියක් එංගලන්තයේ ලිවර්පූල් නගරයෙන් වාර්තා වේ. ඔහු තදින්ම වීඩියෝ තරග සඳහා ඇබ්බැහි වූවෙකි. පොලිසිය ගැන එතරම් අවධානයක් නොතිබුණු දරුවා වීඩියෝ තරගයක මංකොල්ලකරුවකු ආකාරයට රඟ දක්වා ඇත.

එක විටම බැංකුවට කඩා වැඳුණු ඔහු මුදල් අයකැමියන්ට ව්‍යාජ තුවක්කුවක් පෙන්වා ”මම අවුරුදු පහකට පස්සේ දැනුයි හිරෙන් නිදහස් වෙලා පැනලා ආවේ” යනුවෙන් පවසමින් පවුම් 2200ක් (රුපියල් 464000ක් පමණ) පැහැර ගෙන ගොස් ඇත. ඔහු හඳුනාගත නොහැකි වන සේ හිස් වැස්මක් පැළඳ සළුවකින් මුහුණ වසා ගෙන පැමිණියේය.

මුදල් සහ ව්‍යාජ තුවක්කුව තරුණයාගේ නිදන කාමරයේ තිබී ඔහුගේ මවට හමු වී ඇත. කලබලවූ ඇය තම පුතාත් රැගෙන ළඟම ඇති පොලිසියට ගොස් කට උත්තරයක් දී තිබේ.

”ඇත්තෙන්ම මෙය ඉතා අශෝබන, විකාර නඩුවක්. තරුණ දරුවගේ රඟපෑමක් වුණත් මෙය හොරකමක්. මංකොල්ලයක්” යනුවෙන් ප‍්‍රධාන විනිසුරු නඩු පැවතියේය.

කොන්දේසි සහිත ඇප මත තරුණ දරුවා නිදහස් විය. අපරාධ චෝදනා යටතේ ඔහුට විරුද්ධව පියවර ගැනෙන බව සඳහන්ය.

ඔහු පාසලේ ඉතා කීකරු දරුවකු බවත්, වීඩියෝ තරග නැරඹීමෙන් ළමා මනස විකෘති වන බවත්, එය ප‍්‍රාථමික දරුවන්ගේ ප‍්‍රචන්ඩත්වය වැඩි කිරීමට රුකුල් වන බවත් මේ පිළිබඳ අදහස් දක්වමින් ඔහුගේ ගුරුවරු සඳහන් කළහ.

 



අදහස් (0)

වීඩියෝ ක්‍රීඩාව පැටවුන්ට අන්තිම නරකයි

ඉවංජනා Saturday, 28 September 2013 05:00 PM

අනේ පව් අප්පා.(නදී)

:       0       0

දර්ශන Thursday, 26 September 2013 12:48 PM

ලංකාවේ මෙවැනි දේවල් තහනම් කල යුතුයි.මේවායේ විපාක ගැන ප්‍රසිද්ධ දේශන පවත්වා ජනතාව දැනුවත් කල යුතුයි. ප්‍රචණ්ඩත්වය, කාමුකත්වය සෑම දේම මෙයට අඩංගුයි... (ස)

:       0       0

ඥානතිලක හිමි Friday, 27 September 2013 07:13 PM

අපිට හොඳ දැනුම්දීමක්. ඉතාලියේ ශ්‍රී ලාංකික බොහෝ ළමුන් ඇබ්බැහි වූ බව දෙමාපියෝ කියති. මෙහි ලින්ක් එක අපිට එවන්න පුලුවන් නම් හොඳයි. තෙරුවන් සරණයි. (නි)

:       0       0

මහේෂ් Tuesday, 01 October 2013 09:14 PM

වෙනස් විදියේ ක්‍රීඩාවක් සෙල්ලම් කරපු කෙනෙක් වෙන්න ඇති (නි)

:       0       0

රුස්සෙල් Friday, 27 September 2013 02:25 PM

මම එක පාරක් විදේශ සඟරාවක දැක්කා වීඩියෝ ක්‍රීඩාව දරුවන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි කරනවා කියලා. (ස)

:       0       0

ශලිනි Friday, 27 September 2013 09:11 AM

දැන් ඔය ක්‍රීඩාව බලලා හොරකම් කරනවා නම් ඒක බලපු අනික් ළමයි එහෙම කළේ නැත්තේ ඇයි?කොහොමද කියන්නේ හොරකම කළේ ඒක බලලාමයි කියලා.අනික ඔය වගේ සරල දෙයක් කරලා සල්ලි කඩා ගන්න පුලුවන් නම් ඒ බැංකුවේ සල්ලි දාන එක ඊට වඩා අවදානමක්. (නි)

:       0       0

අබ්දුල් Friday, 27 September 2013 02:38 PM

මම ශලිනිගේ කියමනට එකග වෙනවා.(නදී)

:       0       0

දුමින්ද Thursday, 26 September 2013 08:19 PM

දෙමාපිය වැඩිහිටියන්ගේ අවදානය මෙයට යොමුවේව ,දරුවෝ මානසික රෝගීන් වෙනවා. කාලය නාස්ති වෙනවා .හැමෝම එකතුවී මෙම විජාතික උවදුර දුරුලමු.(නදී)

:       0       0

කුමාරි Saturday, 28 September 2013 11:19 PM

මොනතරම් දේවල් ලෝකයට අළුතින් හදුන්වා දුන්නත් ඉන් යහපත් ප්‍රතිඵල ලබාගන්නේ කීයෙන් කීදෙනාද? (නි)

:       0       0

ටෝනි Thursday, 26 September 2013 03:11 PM

සුදු මහත්මරු හඳනදෙවෙල්නේ හොඳම දේ කියල කට්ටිය හිතගෙන ඉන්නේ ඔන්න වැඩ අනිත් අතට ඉතින් අපේ කට්ටිය ඔබ නොබල කරන වැඩ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් මැදපෙරදිග සංචාරය අරඹයි
2025 මැයි මස 13 60 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.


ඇමෙරිකාවේ ඖෂධ මිල අඩු කෙරේ
2025 මැයි මස 13 60 0

ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.


ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්
2025 මැයි මස 13 63 0

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.


ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි
2025 මැයි මස 13 43 0

ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1982 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 104 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1247 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1522 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site