
ලෙබනනයේ සිටින විදේශිකයන්ට වහා එරටින් පිටවෙන්නැයි අනතුරු ඇඟවීම් කර ඇත. ඒ, ලෙබනන් හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලයත් අතරේ හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙනි.
විදෙස් බුද්ධි අංශ අනතුරු අඟවා ඇත්තේ ලෙබනනය සහ ඊශ්‍රායලය අතරේ පමණක් නොව, ඉරානය සහ ඊශ්‍රායලය අතරේ ද යුද්ධයක් හටගැනීමට ඉඩ ඇති බවය.
හිස්බුල්ලා සංවිධානය ඉරානයේ සහාය ලබයි. ඉරානයත්, ලෙබනනයත් සහාය දක්වන්නේ ගාසා තීරයේ හමාස් සංවිධානයටය. ඊශ්‍රායල හමාස් ගැටුම හේතුවෙන්, ඊශ්‍රායලය ඉරානය සමඟත්, ලෙබනනය සමඟත් ගැටෙයි.
මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාරවලින්, හිස්බුල්ලා සටන්කාමී සංවිධානයේ නායකයන් කීප දෙනකු මියගොස් ඇත. ඉකුත් සතියේ ඉරානයේ සිටිද්දී, හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මායිල් හානියේ ඝාතනය කිරීමට ද ඊශ්‍රායලය සමත් විය.
හිස්බුල්ලා නායකයන් ඝාතනය කිරීමත්, හමාස් නායක හානියේ ඝාතනය කිරීමත් හේතුවෙන් ඊශ්‍රායලයෙන් පළිගන්නා බව ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයත් ඉරානයත් ප්‍රතිඥා දී තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 30
20
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
703
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලෙබනනයෙන් වහා යන්න