IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


‘ලොව කරුණාවන්තම විනිසුරුවරයා’ සමුගනී

‘ලොව කරුණාවන්තම විනිසුරුවරයා’ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වී, කාගේත් ආදරය දිනූ, ඇමෙරිකන් විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ අභාවප්‍රාප්ත විය.

විනිසුරු කැප්රියෝ වසර ගණනාවක් අග්න්‍යාශ පිළිකාවකින් පීඩා විඳි අයෙකි. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 88 කි.     

විනිසුරු කැප්රියෝ, ලොව කාගේත් ගෞරවාදරයට වූයේ ඔහුගේ නඩු තීන්දු මානවදයාවෙන් පිරුණු ඒවා වීම නිසාය.

සුළු වැරදි නිසා ඔහු හමුවට ඉදිරිපත් කෙරෙන බොහෝ දෙනකුට වරද සහ දඩුවම අවබෝධ කර දී, අනුකම්පාව දක්වමින් තීන්දු ලබා දීම විනිසුරු කැප්රියෝගේ සුවිශේෂී ගුණාංගයයි.

විනිසුරු කැප්රියෝ නඩු අසන අයුරු ප්‍රසිද්ධියට පත් වූයේ, ඇමෙරිකාවේ ‘කෝට් ටීවී’ (අධිකරණ නාළිකාව) රූපවාහිනී නාළිකාව ඔස්සේය. සමාජ මාධ්‍යවල විකාශය වූයේ එහි දසුන්ය.

විනිසුරු කැප්රියෝගේ නඩු තීන්දු ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වුණු අතර, විනිසුරු කැප්රියෝගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සිටින පිරිස මිලියන 3.3 කි. ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සිටින පිරිස මිලියන 1.6 කි.

විනිසුරු කැප්රියෝ, රෝඩ් අයිලන්ඩ් නගරසභා අධිකරණයේ විනිසුරුවරයා ලෙස කටයුතු කළේය.



අදහස් (1)

‘ලොව කරුණාවන්තම විනිසුරුවරයා’ සමුගනී

ගුණරත්න Thursday, 21 August 2025 07:49 PM

එතුමන් සාමදානයේ සැතපේවා!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14489 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 426 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 254 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site