
ජපානයේ නිෂ්පාදිත, ලොව ප්‍රථම ලී චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට යැවීම සාර්ථකව සිදුවිය. ජපන අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන් මෙම කුඩා ලී චන්ද්‍රිකාව, පෘථිවි කක්ෂයට යැවීම සිදු කළේ ඇමෙරිකාවේ නාසා ආයතනයේ ද සහාය ඇතිවය.
චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව, ඇමෙරිකාවේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙනි. මේ වනවිට පෘථිවි කක්ෂයේ කසල පිරී ඇත. ඒ අභ්‍යවකාශ ගමන් බිමන් සහ අභ්‍යවකාශ කටයුතු හේතුවෙනි. මෙම කසළවලට අක්‍රිය වූ චන්ද්‍රිකා ද ඇතුළත්ය.
මීට පිළියමක් වශයෙන් සහ අනාගතයේ සඳ, අඟහරු ගවේෂණ මෙහෙයුම් සඳහා ලී යොදා ගනිමින් ගවේෂණ යානා නිර්මාණයට යොමු වීම කළ හැකි බව පෙන්වීමට, ජපන් විද්‍යාඥයන් මෙසේ ලී යොදා ගනිමින් මෙම චන්ද්‍රිකාව නිර්මාණය කළ බව පැවැසෙයි.
චන්ද්‍රිකාව නිර්මාණයට දායක වී ඇත්තේ ජපානයේ කියෝතෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසකි. ඔවුන් මෙම චන්ද්‍රිකාව නම් කර ඇත්තේ ලතින් බසින් ‘දැව’ යන අර්ථය ඇතුළත් ‘ලිග්නෝසැට්’ යනුවෙනි.
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලීවලින් හැදූ ලොව පළමු චන්ද්‍රිකාව උඩට