ලිබියාවේ බෙන්ගාසි නුවර විදේශ කටයුතු අමත්‍යාංශ ගොඩනැගිල්ල අසල පෙරේදා (11) අධි බලැති බෝම්බයක් පුපුරා ගියේය. ප‍්‍රහාරයෙන් කිහිප දෙනකු තුවාල ලැබූ අතර ගොඩනැගිල්ලට හානි සිදුවිය.
ප‍්‍රහාරය එල්ල කරන්න ඇත්තේ, ගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසු ලිබියාවේ පිහිටුවූ නව රජයට කීකරු නොවන ආයුධ සන්නද්ධ කල්ලියක් යැයි ආරක්ෂක අංශ කියා සිටී.
විදේශ කටයුතු අමත්‍යාංශ ගොඩනැගිල්ල අසල සිදුවුණු එම බෝම්බ ප‍්‍රහාරයෙන් පසු, පුපුරා නොගිය තවත් බෝම්බයක් ඒ අසල තිබී ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබ ඇතැයි ද වාර්තා වේ.
ලිබියාවේ දෙවැනි විශාතලම නගරය ලෙස සැලකෙන්නේ බෙන්ගාසි නුවරය. මීට වසර දෙකකට පෙර, ඇමෙරිකන් තානාපති කාර්යාලයට ප‍්‍රහාරයක් එල්ල වූයේ ද සැප්තැම්බර් 11 වැනිදාය. එම ප‍්‍රහාරයෙන් ලිබියාවේ සිටි ඇමෙරිකන් තානාපති ඇතළු සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
![]() |
ප‍්‍රහාරයෙන් හානි සිදු වූ ගොඩනැගිල්ල |
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලිබියාවේ විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ලට බෝම්බ ප‍්‍රහාරයක්
සිල්වා Saturday, 14 September 2013 04:09 AM
අපේ රටේ බටහිර මිනීමරුවන්ගේ ගැත්තන්ටත්, දමිළ ඩයස්පෝරාවටත් මෙය කදිම පාඩමකි.රුසියා සහ චීනයට ජයෙන් ජය! (නි)
පිලා Friday, 13 September 2013 01:28 PM
මමත් ලිබ්යාවේ හිටපු කෙනෙක්. ගඩාපි හොද පාලකයෙක්. දැන්නම් රට නන්නත්තාර වෙලා.(නදී)
ශ්‍රීලාල් Saturday, 14 September 2013 05:19 AM
ලෝකෙම හොඳට ණය තුරුස් නැතුව ජනතාවට පහසුකම් ඇතුව තිබුන රටකට ගිය කලක්. රටවල් කීයක් කෑවද? තවමත් ඉවරයක් නැහැ. ලොකුයි කියාගන්න රටවල් වල දරාගන්න අමාරු ආර්ථික ප්‍රශ්න. ඒවා යට ගහගෙන ,ජනතාව බදු බරෙන් තල තලා අනුන්ගේ දේවල් හොයන්න යනවා. (නි)
රානා Friday, 13 September 2013 01:48 PM
ඇමෙරිකාවේ සාම හමුදාව ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව, යන තැන් වල සාමය උදා කරපු හැටි පේනවා නේද . . දැන් ඒ රටවලුත් නන්නත්තාර වෙලා. අපේ රටේ සමහර මැට්ටෝත් මේ අරාබි වසන්තය අපිටත් වෙනකම් බලාගෙන ඉන්නවා.(නදී)
රුසෙල් Friday, 13 September 2013 08:02 PM
ලෝකෙට නය නැතුව තිබුණු රටකට අරාබි වසන්තයෙන් කළ දෙයක්? අපෙත් අරාබි වසන්තය ඉල්ලන අයට හොඳ පාඩම් මේවා (නි)
රූපා Friday, 13 September 2013 11:14 AM
මේ කරපු දෙයම සිරියවටත් කරන්න හැදුවේ. හොඳ වෙලාවට රුසියාව හිටියේ. (ස)