ලබන වසර මැද වන තෙක් ප්‍රංශයේ කොරෝනා පවතිනු ඇතැයි ජනපතිවරයා කියයි.
ලබන වසරේ මැද භාගය තෙක් කොරෝනා වෛරසය සමඟ සටන් කිරීමට සිදුවනු ඇතැයි ප්‍රංශ ජනපති එමැනුවෙල් මැක්‍රෝන් මහතා පවසයි.
එරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවීම හමුවේ ඔහු මේ බව සඳහන් කර තිබේ.
ඊයේ එරටින් 40,000 කට අධික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 298 කි.
යුරෝපා කලාපයේ ආසාදිතයින් සංඛ්‍යාවේ සීඝ්‍ර ඉහළ යාම වෛරසයට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය සේවා යටපත් වීම වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව එම සංවිධානය පෙන්වා දුන්නේය.
ගතවූ දින දහයේ යුරෝපයෙන් වාර්තා වූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව දෙගුණ වී තිබේ.
යුරෝපා කලාපයෙන් මේ වන විට ලක්ෂ 78 කට අධික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 247,000 කට අධිකය.
(බීබීසී ඇසුරෙනි)
-226-
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
’ලබන වසර මැද වන තෙක් ප්‍රංශයේ කොරෝනා පවතිවි’