IMG-LOGO

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිසංස්කරණයට සූදානම්

ප්‍රතිසංස්කරණ කටයුතු ඔස්සේ  ලෝක සෞඛ්‍ය සංවිධානය ශක්තිමත් කිරීමට පියවර ගැනීමට සූදානම් බව එම සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ග්‍රේබියේසස් මහතා අද (9) ප්‍රකාශ කළේය.

“මේ සංවිධානය ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කරන ඕනෑම යෝජනාවක් මේ සංවිධාන ශක්තිමත් කිරීම සඳහා ගන්නා ඕනෑම පියවරක් ක්‍රියාමාර්ගයක් අපි විවෘතව සහ සාදරයෙන් පිළිගන්නවා. අපි ඒ දේ කරන්නේ අපි වෙනුවෙන් නෙමයි. අපි ඒ දේවල් කරන්නේ අපි සේවය කරන ජනතාව වෙනුවෙන්” යැයි මාධ්‍යවේදීන් අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 නියෝජිතයන් සමඟ පැවැති අමාත්‍ය මට්ටමේ සාකච්ඡාව අමතමින් වෛද්‍ය ටෙඩ්‍රෝස්  මහතා එම කරුණු සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අමාත්‍ය මණ්ඩල සැසිවාරයක් වාර්ෂිකව පැවැත්වෙන අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ එහි කෙටි හමුවක් පසුගිය මැයි මාසයේදී පැවැත්විණි.

මේ වනවිට ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 50 සීමාව ඉක්මවා ගොස් ඇති අතර වයිරස ආසාදිත මරණ ගණන මිලියන 1.2 ඉක්මවා ගොස් ඇත.

රොයිටර්

055



අදහස් (0)

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිසංස්කරණයට සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site