ඉන්දුනීසියාවේ බාලිදුපතේ පැවැත්වුණු 2013 ලෝක රූ රැජින තරගාවලියේ කිරුළ හිමි කර ගැනීමට පිලිපීපනයේ 23 හැවිරිදි ‘මේගන් යං’ සමත් වුවාය. තරගකාරිනියන් 127 දෙනෙකු සමග තරග වැදුණු ඇය මෙතෙක් බිහිවුණු හොඳම රූ රැජින වන බවට ප‍්‍රතිඥා දී කිරුළ පැළැදගත්තාය.
තරගාවලියේ දෙවැනි ස්ථානය ප‍්‍රංශ ජාතික විසි හැවිරිදි ‘මැරින් ලෝෆෙලින්’ හා තෙවැන ස්ථානය ඝානාවේ 22 හැවිරිදි ‘කැරන්සාර් නා ඔක්ලි’ හිමි කර ගත්හ.
මෙවර ලෝක රූ රැජින තරගාවලිය පැවැත්වුයේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරය. මුස්ලිම් ජාතීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතා හේතුවෙන් දැඩි ආරක්ෂාව මැද එය බාලි දුපතේ පැවැත්වීමට සිදු විය.
2025 ඔක්තෝබර් මස 08
1973
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලෝක රූ රැජින පිලිපිනයෙන්
අසංග Monday, 30 September 2013 03:10 PM
අපේ උණුසුම් සුබ පැතුම්.....අද මොනම රටක බැලුවත් මුස්ලිම් අන්තවාදීන්ගෙන් ප්‍රස්න.(නදී)
දර්ශන් Monday, 30 September 2013 04:19 PM
ලංකාවේදී රූ රුජිනියන් තේරීමේදී අල්ලස් ගැනීමක් ගැන කතාවක් යනවා,දන්නා කෙනෙක් කියන්න සත්‍යය. (නි)
කුමාර් Monday, 30 September 2013 05:01 PM
මුස්ලිම් ලෝකයම අරාබි නිසොල්ලාසයේ තිබෙන ඔක්කොම කාම සුකල්ලිකානු යෝග කරනවා කෝටි ගණන් වියදම් කරලා. ඒ වුණාට වෙනත් අය මේ වගේ උත්සව පවත්වනවිට බොහෝ ශුද්ධ බාවයක් ලෝකෙට පෙන්නන්න හදනවා. (නි)
ලුම්බිණි Monday, 30 September 2013 12:11 PM
අන්තවාදීන්ට යටත් නොවී මේ තරඟය පැවැත්වීම, අප අගය කල යුතුයි. (ස)
චමින්ද Tuesday, 01 October 2013 07:56 AM
අයියෝ සල්ලි! (නි)
දයා අලහාකෝන් Monday, 30 September 2013 12:44 PM
සුභ පතන්න. දැක්කම එයා අහිංසකයි. ලංකාවෙන් ඉදිරිපත් වෙලා නැද්ද?(නදී)
ගෆූර් - කටාර් Monday, 30 September 2013 06:48 PM
මේ කුමාර් කියන්නේ ටික කලක් පිස්සු නටපු වීර කියන කෙනාගේ හොල්මනක්ද? (නි)
උපාලි Monday, 30 September 2013 12:56 PM
"රුපය" එහෙම නැත්නම් "ලස්සන" කියලා අපි වැඩි දෙනෙක් සම්ප්‍රදායිකව හිතන දේ වැරදි බව ඔප්පු කරන අවස්තාවක්. ඝානාවේ රූ රැජින දිහා බලන්න. (ස)
නෙතුමි Tuesday, 01 October 2013 09:29 AM
මොනවා උනත් ටිකක් සීලාචාර ඇඳුමක් අන්දලා තියෙනවා. (ස)
බංඩා Monday, 30 September 2013 07:37 PM
අපේ කෙල්ලෝ වගේ නෙවි ෆිලිපිනේ කෙල්ලෝ මරු......(නදී)
මහගෙදර ඇඹිලිපිටිය Monday, 30 September 2013 01:38 PM
කළු එක්කෙනා දිනුවානම් තමයි ගොඩක්ම හොඳ. (නදී)
සැම් Monday, 30 September 2013 02:15 PM
මගේ නම් සුදු කළු බේදයක් නැහැ. කළු හමේ පාට විතරයි. එයාගේ හැඩ බලන්න. අලුත් රූ රැජිනට සුබ පැතුම්. මේ රූපය එසේම ගොඩක් කල් තියේවා කියා ප්‍රර්ථනා කරනවා.(නදී)
නල්ලතම්බි Monday, 30 September 2013 08:54 PM
අපි ඉපදිලා ඉන්නේ කන්ඩයි බෝ කරන්ඩයි ?(නදී)