
රුසියන්, විපක්ෂ නායක ඇලෙක්සි නවල්නිගේ මරණයට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රුසියන් රජය සම්බන්ධ යැයි චෝදනා නගමින්, ඇමෙරිකාව, රුසියාවට සම්බාධක පැනැවීමක් කිරීමට සූදානම් වෙයි. මේ වනවිටත් රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් ඇමෙරිකාව, රුසියාවට සම්බාධක පනවා ඇත.
ඇලෙක්සි නවල්නි මියගියේ සිරදඬුවම් විදිමින් සිටිද්දීය. ඒ, පසුගිය 16 වැනිදාය. නවල්නිගේ දේශය තවමත් ඔහුගේ පවුලේ අයට ලැබී නැති අතර, නවල්නිගේ මව රුසියන් ජනාධිපති පුටින්ගෙන් ආයාචනා කර ඇත්තේ කඩිනමින් තම පුතුගේ දේහය තමන්ඩ ඉක්මණින් ලබා දෙන ලෙසය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd