
රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් සහ යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රි කුලේබා අතර සාකච්ඡා තුර්කියේ ඇන්ටල්යා නුවර මේ වන විට ආරම්භ වී ඇත.
මේ දක්වා රුසියානු-යුක්රේන ගැටුම හේතුවෙන් මේ දක්වා යුක්රේනයේ වැසියන් අවම වශයෙන් 13000 ක් මරණයට පත්ව 1800 ක් මාරාන්තික නොවන තුවාල ලබා ඇති අතර ලක්ෂ 21 ක ජනතාවක් අවතැන් වී ඇත.
එසේම යුක්රේනයේ ගොඩනැගිලි වලට සිදුවී ඇති හානිය ඩොලර් බිලියන 10 පනින බවත් ගොඩනැගිලි 1700 විනාශ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එසේම රුසියානු හමුදා සෙබළුන් 4000-6000 ත් අතර පිරිසක් මියගොස් ඇති බව යුක්රේන රජය ප්‍රකාශයට පත් කළත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කලේ මේ වන විට රුසියානු සෙබළුන් 500 ක් මරණයට පත්ව ඇති බවයි.
පසුගිය ද යුක්රේන රජය ප්‍රකාශ කර සිටියේ රුසියානු හමුදා සමග සටන් වැදීමට යුක්රේනයට පැමිණෙන විදේශිකයන්ට යුක්රේන පුරවැසිභාවය ලබාදෙන බවයි.
අද දින රුසියාව යුරෝපා කවුන්සිලයෙන් ඉවත් වූ අතර එම නිසා යුරෝපා කවුන්සිලයේ තීරණ තවදුරටත් පිළිපැදීමට රුසියාව බැඳී නැතැයි ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසීය.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
2025 නොවැම්බර් මස 04
578
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියන් යුක්රේන විදෙස් ඇමැති හමුව