
ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිගේ මන්ත්‍රී ධුරය අහෝසි වී දින දෙකක් ගතවෙත්ම, ඔහු 2005 වසරේ සිට පදිංචිව සිටි බංගලාවෙන් ඉවත්වන ලෙස ලොක් සභා නිවාස මණ්ඩලය දැනුම් දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
සාපරාධී අපහාස නඩුවකට වරදකරු වී වසර දෙකක සිර දඬුවමක් නියම වීම හේතුවෙන් රාහුල් ගාන්ධිගේ ලොක් සභා මන්ත්‍රී ධුරය අහෝසි වූ බව ලොක් සභා ලේකම් කාර්යාලය පසුගිය 24 වැනිදා නිවේදනය කළේය.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කරමින් ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ගුජරාත් හි සුරාට් අධිකරණය පසුගිය 23 වැනිදා ලබා දුන් අතර දඬුවමට එරෙහිව අභියාචනා කිරීම සඳහා අවස්ථාව ලබා දෙමින් එම දඬුවම දින 30 ක කාලයක් අත් හිටුවමින් සුරාට් අධිකරණය ඇප ලබා දී තිබේ.
කෙසේ වෙතත් රාහුල් ගාන්ධි පදිංචිව සිටින බංගලාවෙන් ඉවත් වන ලෙස පවසමින් ලොක් සභා නිවාස මණ්ඩලය විසින් සිදු කරන ලද දැනුවත් කිරීමක් රාහුල් ගාන්ධි ට නොලැබුණු බව ඔහුගේ කණ්ඩායම ප්‍රකාශ කර තිබේ. රාහුල් ගාන්ධි යනු ආරක්ෂා කළ යුතු විශේෂිත පුද්ගලයකු බවත් තවත් තැනකට යාම සඳහා ඔහුට යම් කාලයක් අවශ්‍ය බවත් ඉන්දීය කොංග්‍රස් පක්ෂය පවසා ඇත.
නම් ප්‍රකාශ කිරීමට අකමැති වුවත් සෑම මන්ත්‍රීවරයකුටම ඔහු හෝ ඇය සිටින නිල නිවස භාර දීම සඳහා මාස තුන, මාස හතර සහ මාස හය වැනි කාල ලැබෙන බවත් රාහුල් ගාන්ධිටත් එවැනි කාලයක් ලැබිය යුතු බවත් කොංග්‍රස් පක්ෂය ප්‍රකාශ කර තිබේ.
කෙසේ නමුත් රාහුල් ගාන්ධි පදිංචිව සිටින බංගලාවෙන් ඔහු එළඹෙන අප්‍රේල් 23 වැනිදාට පෙර ඉවත් විය යුතු බව ලොක් සභා නිවාස මණ්ඩලය දැනුම් දී ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාහුල්ට බංගලාවත් අහිමි වෙයි