IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාර මාලාවක්

රුසියන් හමුදා, යුක්රේනයේ කීව් අගනුවර ඇතුළු සෙසු ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙය රුසියන් හමුදාව යුක්රේනය ඉලක්ක කර ගනිමින් එල්ල කළ විශාලතම ඩ්‍රෝන යානා ප්‍රහාරය බවය.

ඩ්‍රෝන යානා ප්‍රහාරවලින් සහ මිසයිල ප්‍රහාරවලින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, සිවිල් වැසියන් පස් දෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි. රුසියන් හමුදා මෙම ප්‍රහාරයට යොදා ගත් බව පැවැසෙන්නේ ‘කමකාසී’ වර්ගයේ ඩ්‍රෝන යානාය.

එල්ල වුණු එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, රුසියාව විවේචනය කරමින් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් කළේය.

රුසියාව නාසි ජර්මනියට සමාන කරමින්, යුක්රේන ජනාධිපතිවරයා පැවැසුවේ, රුසියාවට කිසිම අවස්ථාවක ජයග්‍රහණය කිරීමට ඉඩක් නොලැබෙනු ඇති බවය.

දෙවැනි ලෝක යුද්ධයේදී රුසියන් හමුදා ජර්මන් නාසිවරුන් පරාජය කරමින් මහා ජයග්‍රහණයක් අත්පත් කර ගත්තේ 1945 මැයි 8 වැනිදාය. එම විජයග්‍රහණය සමරමින් රුසියාවේ සැමරුම් උත්සව පැවැත්වෙයි. ඒ, විශේෂ ආරක්ෂාවක් යටතේය.

(රොයිටර්)



අදහස් (0)

රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාර මාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 606 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 247 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site