IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


රුසියාවට සම්බාධක දානවා: ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු

සති දෙකක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධයට සාමකාමී විසඳුමක් නොලැබුණොත්, රුසියාවට එරෙහිව සම්බාධක පැනැවීමක් සිදු කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට සාම වැඩපිළිවෙළක් මේ වනවිට සකස් වෙමින් පවතී. එසේ වුවත්, රුසියන් හමුදා දිගින් දිගටම යුක්රේනට ප්‍රහාර එල්ල කරයි. මෙය ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ දැඩි අප්‍රසාදයට හේතුවක් වී ඇත.

පසුගිය දා ඇමෙරිකානු ජනාධිපති සහ රුසියානු ජනාධිපති පුටින් අතර මුහුණට මුහුණ හමුව ඇලස්කාවේදී පැවැත්විණි. ඒ, රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීම සම්බන්ධයෙනි. කෙසේ නමුත්, එම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් විය. අවසන් එකඟතාවක් ඇති කර නොගැනුනත්, සාකච්ඡා ඵලදායී බව ට්‍රම්ප් පැවැසීය.

ඉන්පසු පසුගිය 18 වැනිදා ට්‍රම්ප්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ යුරෝපා රටවල නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීය. තමන් යුක්රේන ජනාධිපති හමුවීමට සූදානම් බව පුටින් ද පැවැසීය.

කෙසේ නමුත් එම සාකච්චා අවසන් වෙද්දී, රුසියන් ජනාධිපති පුටින්ගේ අණ පරිදි සුපුරුදු ලෙස යුක්රේනයට රුසියාවෙන් ප්‍රහාර එල්ල වීම ඇරැඹිණි. මෙම ප්‍රහාර ට්‍රම්ප්ගේ දැඩි විරෝධයට හේතුවක් විය. රුසියාව සාමය සඳහා මාවතකට එළැඹෙන්නේ නැතිනම් තමන් රුසියාවට සම්බාධක පනවන බව ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ ඒ අනුවය.

රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය හේතුවෙන්, ඇමෙරිකාව, රුසියාවටත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ටත් සම්බාධක පැනැවීම් කර ඇත. ට්‍රම්ප් අනතුරු අගවා ඇත්තේ එම සම්බාධක තවත් වැඩි කරන බවටත්, රුසියාවට එරෙහිව සියයට 100 ක තීරු බදු පැනැවීම් සිදු කරන බවටත්ය.



අදහස් (0)

රුසියාවට සම්බාධක දානවා: ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14498 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 426 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 254 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site