
යුක්රේනයට එරෙහි හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ රුසියාවට කිසිම අවස්ථාවක ජයග්‍රහණය කිරීමට ඉඩක් ලබා නොදෙන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
‘යුක්රේනයට එරෙහිව රුසියාව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම කිසිසේත් අනුමත කරන්න බැහැ. අප මුල සිටම ඊට විරුද්ධ වුණා. අප සහාය දක්වන්නේ යුක්රේන රජයට සහ ජනතාවට. යුක්රේනයේ රුසියන් ජයග්‍රහණයක් සිදු වෙන්න අප ඉඩ දෙන්නේ නැහැ. වෙනත් කිසිදු පටහිර රටක් ඉඩ දෙන්නේ නැහැ’ යැයි බයිඩන් පෝලන්තයේ සිට පැහැදිලි කළේය.
ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ පෝලන්තයේ වෝෂෝ අගනුවර සිටය. පෝලන්තය යුක්රේනයේ අසල්වැසියෙකි. ඇමෙරික් ජනාධිපති බයිඩන් පසුගිය දා යුක්රේනයේ හදිසි සංචාරයක නියැලුණේ පෝලන්තයට ගොස් පෝලස්ත දේශසීමා පසු කරමිනි. පෝලන්තය ‘නේටෝ’ සාමාජික රාජ්‍යයකි.
යුක්රේනය ද ‘නේටෝ’ සාමාජිකත්වය අපේකෂා කරයි. ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට පිහිටුවා ඇති යුද සන්ධානයකි.
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි. ඒ, පසුගිය 2022 පෙබරවාරි 24 වැනිදාය. ඒ අනුව එලැඹෙන පෙබරවාරි 24 වැනිදාට යුක්රේන යුද්ධයට වසරක් සපිරේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2129
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවට දිනන්න දෙන්නේ නෑ - බයිඩන්