දිගින් දිගටම යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දුන්නත් ප්‍රංශය හෝ ප්‍රංශයේ මිතුරන් වන සෙසු බටහිර රටවල් කිසිම අවස්ථාවක රුසියාවට එරෙහිව යුද වදින්නේ නැතැයි ප්‍රංශය අවධාරණය කර ඇත.
‘යුක්රේන හමුදාවට අවි ආයුධ සහ යුධෝපකරණ ලබා දීම දිගටම සිදුවෙනවා. අප ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව යුක්රේන හමුදාවට යුද ටැංකි ලබා දුන්නා. ඒත් පැහැදිලිව කියන්න ඕනෑ අප හෝ අප මිතුරු රටවල් හෝ රුසියාව සමග යුද්ධ කරන්නේ නැහැ.’ යැයි ප්‍රංශ විදේශ කටයුතු අමත්‍යාංශ රකාශිකා ඇන් ක්ලෙයා ලෙජෙන්ද්‍රේ පැහැදිලි කර තිබේ.
මේ වනවිට ඇමෙරිකාව, ඔවුන්ගේ ඇබ්රාම්ස් යුද ටැංකි 31 ක් යුක්රේනයට ලබා දී ඇති අතර, මහා බ්‍රිතාන්‍යය යුක්රේනයට ඔවුන් සතු චැලෙන්ජර් යුද ටැංකි ලබා දී තිබේ. ප්‍රංශය, ජර්මනිය සහ කැනඩාව ලබා දී ඇත්තේ ඔවුන් සතු ‘ලෙපර්ඩ්’ යුද ටැංකිය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුසියාවට එරෙහිව සටනක් නෑ
ganegoda Friday, 27 January 2023 01:43 PM
රුසියාවට එරෙහිව සටනක් නැහැයිලු... ප්‍රංශය න්‍යෂ්ථික බලාගාර 32කින් යුතු රටක්... න්‍යෂ්ඨික යුද්ධයක් ඇති වුණොත් හුඟක් අලාභහානි වෙන්න තියෙන රටක්...
samuddraaFriday, 27 January 2023 07:50 PM
ප්‍රංශයේ න්‍යෂ්ටික විදුලිබලාගාර 63 තිබුණත් 56 විදුලිය නිපදවීමට යොදවා ඇත.
Pathum Friday, 27 January 2023 02:31 PM
ඔය මොන කතා කිව්වත් යුරෝපය රුසියාවට හරිම බයයි. ඇමෙරිකාවත් බයිලා විතරයි.., වැඩ නැහැ.