යුක්රේන රුසියන් යුද ගැටුම් වාර්තා කිරීමට ගොස් සිටි ‘රොයිටර්’ පුවත් සේවයේ මාධ්‍යවේදීන්ට ආරක්ෂාව ලබා දුන් ආරක්ෂක උපදේශකවරයකු ලෙස කටයුතු කළ බි්‍රතාන්‍ය ජාතිකයෙක් රුසියන් ප්‍රහාරයකින් මියගිය බව පැවැසෙයි.
මියගියේ 38 හැවිරිදි, රයන් එවන්ස් නමැත්තාය. මොහු හිටපු සොල්දාදුවෙකි. රයන්, ‘රොයිටර්’ පුවත් සේවයේ යුද මාධ්‍යවේදීන්ට ආරක්ෂක උපදේශකයකු ලෙස කටයුතු කරන්නේ 2022 දීය.
රයන්, මියගියේ යුක්රේනයේ ක්‍රමටෝසර්ක් නගරයේ හෝටලයකට එල්ල වුණු රුසියන් මිසයිල ප්‍රහාරයකින් යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත.
එම අවස්ථාවේ, රයන්, රොයිටර් මාධ්‍යවේදීන් හය දෙනකු සමඟ හෝටලයේ රැඳී සිටි බව ද පැවැසෙයි. එම හය දෙනාට අනතුරක් නොමැති බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුසියන් ප්‍රහාරයකින් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මරුට