
යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියන් හමුදාවට අමතර සෙබළුන් ලක්ෂ 3 ක් බඳවා ගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කිරීමත් සමඟ රුසියානුවන් බොහෝ දෙනකු රට හැර යෑමට උත්සාහ ගනිමින් සිටින බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
බීබීසී පුවත් වාර්තාවට අනුව රට හැර යමින් සිටින්නේ හමුදාවට බඳවා ගන්නා වයස් සීමාවේ සිටින පිරිස් යැයි ද බීබීසී පුවත් සේවය පවසා තිබේ. කෙසේ නමුත්, රුසියන් රජය බීබීසී වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. රුසියන් රජය පැහැදිලි කර ඇත්තේ, රුසියානුවන් කිසිවකු එසේ රට හැර පලා නොයන බවය.
කෙසේ නමුත් බීබීසී පුවත් සේවයට අනුව, රුසියාවෙන් පිටවීමට උත්සාහ ගන්නා පිරිස් ජෝර්ජියානු දේශ සිමාවේ සැතපුම් ගණන් දිග පෝලිම්වල රැඳී සිටින බව ද පැවැසෙයි. රුසියානුවන්ට ජෝර්ජියාවට ඇතුළු වීම සඳහා රුසියානුවන්ට වීසා අවශ්‍ය නොවෙයි. මීට අමතරව රුසියාවේ සිට ෆින්ලන්තයට ඇතුළු වන රුසියානුවන් ගණන ද වැඩි වී ඇතැයි ද වාර්තා වේ.
මීට අමතරව, ජර්මනිය ඇතුළු ඇතැම් රටවල් රුසියානුවන් භාර ගැනීමට කැමැත්ත පළ කර ඇතත් ලැත්වියාව, ලිතුවේනියාව, එස්තෝනියාව සහ චෙක් ජනරජය රුසියානුවන් භාර ගැනීමට අකමැත්ත පළ කර තිබේ. මේ අතර, ඩුබායි, බෙල්ග්‍රේඩ් සහ ඉස්තාන්බුල් සඳහා වන ගුවන් ප්‍රවේශ පත්‍ර මිල ඉහළ දැමීමට රුසියන් රජය පියවර ගෙන තිබේ.
රුසියානු හමුදාවට, අතිරේක සාමාජිකයන් ලෙස බඳවා ගැනෙන්නේ, හමුදා පළපුරුද්ද ඇති පුද්ගලයන් බව රුසියන් බලධාරීන් පැහැදිලිව පවසා තිබේ. ආරක්ෂක අංශ සාමාජිකයන් ලෙස කටයුතු කරන කිසිවකු අතිරේක හමුදා සාමාජිකයන් ලෙස බඳවා නොගන්නා බව රුසියානු ආරක්ෂක අමත්‍යාංශය ද නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රුසියානුවෝ රටින් පලා යෑම බොරු