රුමේනියාවේ බුකාරස්ට් නගරයේ දඩාවතේ බල්ලකුගේ සංඛ්‍යාව දහස් ගණනින් වැඩි වී තිබෙන බැවින් එම සතුන් මරා දැමීමට කි‍්‍රයා මාර්ග ගැනීම සඳහා එරට පාර්ලිමේන්තුව ඡන්දයක් පවත්වා තිබේ.
226 දෙනෙක් ඊට කැමැත්ත පළ කළ අතර 23 දෙනෙක් විරුද්ධ වුහ. 21 දෙනෙක් පැමිණ සිටියේ නැත. මේ සම්බන්ධයෙන් ජන මත විමසුමක් ඔක්තෝබර් 6 වෙනිදා පැවැත් වීමට නියමිතව තිබිණ. නමුත් එරට ජනාධිපති එම ජන මත විමසුම අහෝසි කර පාර්ලිමේන්තු තීරණය අනුව කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.
බුකාරෙස්ට් කාන්තාවක්, ජපාන ජාතික සංචාරකයෙක් සහ 4 හැවිරිදි පිරිමි දරුවකු දඩාවතේ යන බල්ලන් සපා කෑමෙන් මිය ගොස් තිබීම මෙම පියවර ගැනීම සඳහා බලපෑම් කර ඇත. බල්ලන් සපා කෑම නිසා මාස 8ක් ඇතුළත බුචරස්ට්හි රෝහල් ගත වූවන් 9760 ක් වාර්තා වී තිබේ.
මෙම යෝජනාවට විරෝධය දක්වමින් එරට ජනතාව තම සුනඛයින්ද රැුගෙන විත් පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂන පවත්වන බව වාර්තා වේ. ඔවුන් ‘සාපරාධි අධිකරණය. ඔබලටත් බල්ලන්ට වගේම ඉරණමක් අත් වේ’ යනුවෙන් කෑ ගසමින් විරෝධය දක්වා ඇත.
බල්ලන් මරා දමනවා වෙනුවට වෙනත් විකල්ප ක‍්‍රමයක් අනුගමනය කර සත්ව යුක්තිය සුරකින ලෙස රොමේනියානු සත්ව සුබ සාධන සංගමය ජනාධිපතිවරයාට යෝජනා ඉදිරිපත් කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රුමේනියාවේ බලු සංගණනයක්
තරු Sunday, 29 September 2013 08:04 AM
බල්ලන් මරන එක අසාධාරණයි. පවු (නි)
ප්‍රේමකුමාර Friday, 27 September 2013 09:28 PM
කවදාහරි මිනිස්සු නිර්මාංශ උනාම තමයි. එතකන් දුක තමයි රංජනී.(අ)
සනත් Monday, 30 September 2013 10:08 AM
මිනිසාගේ හොඳම මිතුරා මරා දාන්න එපා.පාලනය කියන්නේ මරා දැමීමද?වැඩියෙන්ම පාලනය විය යුතු මිනිසුන්ගේ බෝ වීම පාලනය කරන්නේ මරා දැමීමෙන්ද? (නි)
නිලූසි Sunday, 29 September 2013 09:03 AM
බෝවීම පාලනය කරා නම් මේ අසරණ සත්තු මෙහෙම මරන්න වෙන්නේ නැහැනේ. අනික මොහොමඩ් ඔයාලා නම් කොහොමක් කැමති ඇති වැඩි වුනත් නැතත් මේ අහිංසක සත්තුන්ව මරලා දාන එකට.(නදී)
රන්ජනී Friday, 27 September 2013 04:34 PM
ගව සංගණනය කවදාද ලංකාවේ කරන්නේ ? (නි)
චින්තක Sunday, 29 September 2013 11:37 PM
අපි අගයනවා (නි)
අචිනි Saturday, 28 September 2013 02:52 PM
අර කොහෙද රටේ ඉන්න කට්ටිය බය වෙලාලු හොඳටම ...(අ)
හේරත් Monday, 30 September 2013 02:28 AM
මටත් පෙන්නන්න බැහැ මේ බෝවීම. (නි)
ජගත් Sunday, 29 September 2013 06:42 PM
මරමු මරමු .මම කැමතියි වැඩේට (නි)
අංජුල Friday, 27 September 2013 06:52 PM
රන්ජනී, බය වෙන්න එපා. ළගදීම ගව සංගණනය කරනවා අපි. එතකොට ඔයාවත් ඒකට අනිවාර්යෙන්ම ගණන් කරනවා. මතක ඇතුව ගෙදර ඉන්න (නි)
ගුණේ Saturday, 28 September 2013 07:51 AM
ලංකාවේ වගේ පෝරුවට නග්ගලා කසාද බන්දලා දුන්නා නම් ඔය විදියට දඩාවතේ නොගොස් ගෙදරට වෙලා පවුල් ජීවිතය ගෙනියයි. මේ වැඩේට බලු රෙජිස්ටාර්වරු ලෙස අපේ කට්ටිය යවමු. (නි)
නිලූෂි Monday, 30 September 2013 07:24 AM
රිෂාඩ්, මම පිළිතුරු දුන්නේ මොහමඩ්ගේ අදහසට (නි)
නිලූෂි Monday, 30 September 2013 07:26 AM
ජගත්ලා වගේ අය තමයි මේ සත්තුන්ව පාරට ගෙනල්ලා අතහැරලා යන්නේ (නි)
පිටිගල Saturday, 28 September 2013 10:49 PM
අපේ රටේ බල්ලන්ව ආරක්ෂා කරලා මිනිසුන්ව මරනවා බල්ලෝ මරනවා වගේ.(එක රිය අනතුරක් වාර්තා වෙලා තිබුනා බල්ලෙක් බේරන්න ගිහින් මිනිස්සු දෙන්නෙකුට බරපතල තුවාල වෙලා) රුමේනියාවේ බල්ලන් මැරීමේ ක්‍රියාවට මාත් ඡන්දය දෙනවා,අපේ රටේ එහෙම දෙයක් නොකරන නිසා. (නි)
කුමාරි Saturday, 28 September 2013 11:10 PM
ඔය වැඩිපුර ඉන්න බල්ලන් ටික වියට්නාමය පැත්තට යවමුකෝ (නි)
මොහොමඩ් කොනකපාල Saturday, 28 September 2013 09:32 AM
බල්ල වැඩිනම් මරණ එක සාදාරනයි (දී)
රිෂාර්ඩ් Sunday, 29 September 2013 03:18 PM
නිලූසි-අපි බල්ලෝ හදන්නෙත් නැහැ මරන්නෙත් නැහැ ඔය වගේ.කොහෙද ගම ඔයාගේ ? (නදී)
සනත් Saturday, 28 September 2013 10:16 AM
අන්න නියමයි නියමයි