IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රිදී පදක්කම දිනූ තුර්කි ‘හිට්මෑන්’

ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ වායු පිස්තෝල වෙඩි තැබීමේ ඉසව්වට සහභාගී වී, තුර්කිය වෙනුවෙන් රිදී පදක්කම දිනූ තුර්කි වෙඩි තැබීමේ ශූරයා යූසුෆ් ඩිකේක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු කතාබහක් නිර්මාණය වී තිබේ.

ඒ, 51 ක් හැවිරිදි යූසුෆ් ඩිකේක් සෙසු තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අභිබවා කැපී පෙනීම නිසාය. සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් ඇසක් ආවරණය කර ගෙන, කන් ආරක්ෂා වීමට ආවරණ පැලඳ සිටි නමුත්, සාමාන්‍ය සරල සුදු පැහැති ටී ෂර්ටයකින් සැරැසී සිටි යූසුෆ් ඩිකේක්, එක් අතක් සාක්කුවේ දමා ගෙන බොහොම සැහැල්ලුවෙන් ඉලක්කයට වෙඩි තබා රිදී පදක්කම දිනා ගත්තේය.

වායු රයිෆල් තරගයකින් තුර්කිය ඔලිම්පික් පදක්කමක් දිනූ පළමු අවස්ථාව මෙයයි.

යූසුෆ් ඩිකේක්, සැහැල්ලුවෙන් සහ කිසිදු ආයාසයකින් තොරව, මෙසේ වෙඩි තබන අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය කැලැඹීමට සමත් විය. ඒ, තුර්කිය ඔවුන්ගේ ‘හිට්මෑන්’ කෙනෙකු ඔලිම්පික් යවා ඇතැයි පවසමිනි. ‘හිට්මෑන්’ යනු ලැබෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වන ඝාතකයෙකි. 



අදහස් (2)

රිදී පදක්කම දිනූ තුර්කි ‘හිට්මෑන්’

Bunny Preena Friday, 02 August 2024 10:33 AM

නටන්න බැරි මිනිහා පොලොව ඇදයි කිව්වා වගේයි

:       3       1

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 02 August 2024 02:24 PM

අපේ ශ්‍රී ලංකාවෙත් ඔය වගේ හිට් මෑන් ලා ඕන තරම් ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 70 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2018 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site