IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


රටවල් එකමුතු වුණොත් කොරෝනා පැරදිය හැකියි

මෙම 2022 වසරේ ‘කොවිඩ් 19’ වසංගතයෙන් මිදීමට හැකිවන්නේ, ලෝකය එකමුතු වී කටයුතු කළහොත් පමණක්  බව තමන්ගේ විශ්වාසය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස්  ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් කියයි.

මේ වනවිට රටවල් බොහොමයක් ‘බූස්ටර්’ එන්නත් ලබා දීම ආරම්භ කර ඇති බවත්, ඊශ්‍රායලය සිවුවැනි එන්නත් මාත්‍රාවක් ද ලබා දීම ආරම්භ කර ඇති බවත් පෙන්වා දෙමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැහැදිලි කළේ, තවමත් පළමු හෝ දෙවැනි එන්නත් මත්‍රා ලබා නොගත් බොහෝ දෙනකු සිටින බවය. එයින් ද වැඩිදෙනා අප්‍රිකා රටවල වැසියන් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

‘මෙම 2022 වසරේ කොවිඩ් 19 වසංගතයෙන් මිදීමට නම්, එන්නත් සමානව ලොව පුරා බෙදී යෑමක් සිදුවිය යුතුයි. තවමත් දිළිඳු රටවල් බොහොමයක වැසියන්ට පළමු සහ දෙවැනි එන්නත් ලැබී නැහැ. ඒ, එම රටවලට ප්‍රමාණවත් එන්නත් නොලැබීම නිසයි. පළමු හෝ දෙවැනි එන්නත් ප්‍රමාද වෙද්දී, කොවිඩ් 19 වයිරසයේ තවත් විකෘති නිර්මාණය වේවි. එය වළක්වා ගැනීමට සියලු දෙනා උනන්දු විය යුතුයි.’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පෙන්වා දී ඇත.

මේ වනවිට ලොව කලඹන ‘ඔමික්‍රෝන්’ නමැති ‘කොවිඩ් 19’ විකෘතිය නිර්මාණය වී ඇත්තේ එන්නත් ලබා නොගත්, ‘කොවිඩ් 19‘ මුල් ප්‍රභේදය ආසාදනය වූ ඒඩ්ස් ආසාදිතයකු හරහා යැයි දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන් අනාවරණය කර ගෙන තිබේ.

ජගත් වයිරස විශේෂඥයන් පෙන්වා දෙන්නේ, ‘කොවිඩ් 19’ වයිරසය විකෘති වී නව වයිරස ප්‍රභේද නිර්මාණය වීම වළක්වා ගැනීම කළ හැකි වන්නේ එන්නත්කරණය හරහා බවය.

මේ වනවිට ඇමෙරිකාව, ප්‍රංශය ආදී බටහිර රටවල් අප්‍රිකා රටවලට එන්නත් ප්‍රදානය සිදු කරයි. ඊට අමතරව, ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඔවුන්ගේ ‘කොවැක්ස්’ වැඩසටහන යටතේ එන්නත් ​නොමිලේ ලබා දීම සිදු කරයි. එසේ වුවත් ප්‍රමාණවත් අන්දමින් එන්නත් ලොව සෑම කෙනකුට ලැබී නොමැත.

(රොයිටර්)



අදහස් (0)

රටවල් එකමුතු වුණොත් කොරෝනා පැරදිය හැකියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 614 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site