ජනතා විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් කැනඩා රජය හඳුන්වා දුන් නව නීතියකට එරෙහිව, එරට විශ්ව විද්‍යාල සිසුහු ඊයේ (24) මොන්ති‍්‍රයාල් නුවර දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්වූ අවස්ථාවේදී 400 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. විරෝධය එල්ල වූයේ මහජන රැලියක් හෝ විරෝධතා පෙළපාළියක් හෝ පවත්වන්නේ නම්, පැය අටකට පෙර ඒ ගැන රජය දැනුම්වත් කළ යුතුයි යන නීතියට එරෙහිවය. විරෝධතාව සඳහා විශ්ව විද්‍යාල සිසුන් එක්දහස් පන්සියයකට වැඩි පිරිසක් මොන්ති‍්‍රයාල් නුවර මධ්‍යම චතුරස‍්‍රයට එක්රොක්ව සිටි බව වාර්තා විය. කැරැලි මර්දන පොලිසිය පැවැසුවේ කලහකාරීව හැසිරෙමින් දේපොළ හානි සිදු කළ පිරිස් අත්අඩංගුවට ගත් බවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රජයට එරෙහිව කැනඩා සරසවි සිසුහු පාරට බසිති