වතිකානයේ ශාන්ත බැසිලිකා දේවස්ථානයට ආ පුද්ගලයකු අල්තාරය අභියසට ගොස් ඇඳුම් ගලවා නිරුවත් වී විරෝධතාවක නියැලිණි. ඒ, යුක්රේන යුද්ධයට එරෙහි වෙමිනි.

රුසියන් ප්‍රහාර හමුවේ මියයන යුක්රේන දරුවන් වෙනුවෙන් මැදිහත් වෙන්නැයි එම විරෝධතාකරු පාප්තුමා ඇතුළු වතිකානයෙන් ඉල්ලීමක්  ද කළේය.

වතිකාන ආරක්ෂකයන් වහා මැදිහත් වී, එම පුද්ගලයා ඉතාලි පොලිසියට බාර දුන් බව ද පැවැසෙයි. ඔහුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නැත.

(රොයිටර්)