IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


යුරෝපා සංගමයට බදු

යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 50 ක තීරුබදු පැනැවීමට තමන් සූදානම් බවත්, එලැඹෙන ජූනි පළමු වැනිදා සිට මෙම නව තීරුබදු පැනවීම ක්‍රියාත්මක ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

තීරුබදු සම්බන්ධයෙන්, යුරෝපා සංගමය සමඟ තම නියෝජිතයන් දිගින් දිගටම සාකච්ඡා කළත්, එම සාකච්ඡාවල කිසිදු ප්‍රගතියක් අත් නොවුණු බවත් ට්‍රම්ප් පැහැදිලි කර ඇත. එහෙයින්, යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා මෙලෙස සියයට 50 ක තීරු බදු පැනවීමට බලාපොරෙත්තු වන බව ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

'යුරෝපා සංගමයේ වෙළඳ බාධක දරුණුයි. හැමවිටම ඇමෙරිකන් සමාගම් ලොකු අසාධාරණයකට ලක් වෙනවා. යුරෝපා සංගමයේ ක්‍රියාකලාපය නිසා ඇමෙරිකාවට වසරකට ඩොලර් 250,000,000 කට වැඩි වෙළඳ හිඟයක් ඇති වී තිබෙනවා. මෙය මඟ හරවා ගන්න අප උත්සාහ කළත්, යුරෝපා සංගමය ඊට නම්‍යශීලී බව පෙන්වන්නේ නැහැ. සාකච්ඡා සාර්ථක නැහැ. සියයට 50 අනෝන්‍ය තීරුබදු නිර්දේශ කිරීමක් හැර වෙන විකල්පයක් නැහැ' යැයි ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

යුරෝපා සංගමයට බදු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 462 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site