IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


යුරෝපා රටවල ළැව්ගිනි දරුණුයි

දකුණු යුරෝපා රටවල උෂ්ණත්වය මේවනවිට  සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් ඇති බවත්, දකුණු යුරෝපා රටවල් රැසක ළැව්ගිනි ව්‍යාප්ත වෙමින් පනතින බවත් වාර්තා වේ.

ළැව් ගිනිවලට හසුවීමෙන්, තිදෙනකු මියගොස් ඇති බවත්, දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් වාර්තා වේ. නිවාස දහස් ගණනක් ළැව්ගිනි හේතුවෙන් විනාශ වී ඇතැයි ද පැවැසෙයි.

ළැව් ගිනි ව්‍යාප්ත වන බව පැවසෙන්නේ, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ ග්‍රීසිය යන රටවලය. මෙම රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යෑම හේතුවෙන්, අධික උෂ්ණත්වය දරා ගැනීමට නොහැකිව කුඩා දරුවන් සහ වැඩිහිටියන් රෝහල්ගත කර ඇතැයි ද පැවැසෙයි.

මේ අතර ස්පාඤ්ඤ කාලගුණ සේවය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එරට සෙවිල් සහ කෝර්ඩෝබා හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 ඉක්මවීමේ අවදානමක් පවතින බවය.

ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් පැවැසුවේ එරට පැතිරයන ළැව්ගිනි පාලනය සඳහා ගිනි නිවීමේ සේවා වෙහෙස නොබලා කටයුතු කරන බවය. ළැව්ගිනි මර්දනයට සොල්දාදුවන් 1,000 ක් පමණ යොදවා ඇති ද පැවැසෙයි.



අදහස් (0)

යුරෝපා රටවල ළැව්ගිනි දරුණුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site