යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතර හමුවක් පැවැත්විණි. හමුව පැවැත්වූයේ යුක්රේනයේ කීව් අගනුවර විශේෂ ආරක්ෂාවක් යටතේය.
යුක්රේනය, යුරෝපා සංගමයේ සාමාජිකත්වය අපේක්ෂා කරයි. යුක්රේන රජය පසුගිය වසරේ ජූනි මාසයේ යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඇයැදුම් කළ අතර ඊට යුරෝපා සංගමයෙන් යහපත් ප්‍රතිචාර හිමිවිය.
රටවල් බොහොමයක් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලා එය ලබා ගැනීමට පොරොත්තු ලේඛනයේ පසුවන නමුත්, යුරෝපා සංගමය යුක්රේනය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වා ඇතැයි ද පැවැසෙයි.
ඊයේ (2) යුරෝපා සංගමයේ රටවල නියෝජිතයන් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අතරේ සාකච්ඡා පැවැත්වූයේ ඒ සම්බන්ධයෙනි. යුක්රේනයට තව වසර දෙකක් යද්දී යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට හැකිවනු ඇතැයි යුරෝපා සංගමය පැහැදිලි කර ඇත.
(රොයිටර්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යුරෝපා නියෝජිතයෝ යුක්රේන ජනපති හමුවෙයි