IMG-LOGO

යුරෝපයේ රටවල් කිහිපයක කොරෝනා ව්‍යාප්තිය ඉහළට

 

යුරෝපයේ රටවල් කිහිපයක කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව රටවල් කිහිපයක දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

ප‍්‍රංශයේ නගර 4ක සීමා දැඩි කිරීමට එරට රජය පියවර ගෙන ඇති අතර ලියොන්, ලිලී, ග්‍රෙනොබල් සහ සෙන්-එටිනේ නගර  අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇත. එම නගරවල මත්පැන්හල් සහ ආපන ශාලා වසා දැමීමට නියෝග කර තිබේ.

ප‍්‍රංශයෙන් ඊයේ ආසාදිතයින් 18,129 දෙනෙකු හදුනාගැනීම හේතුවෙන් මෙම ක‍්‍රියාමාර්ග ගෙන ඇත.

මේ අතර මැඩ්රිඩ් නාගරික කලාපයට දින 15 ක හදිසි තත්ත්වයක් පැනවීමට ස්පාඤ්ඤ රජය නියෝග කර ඇත. මැඩ්රිඩ් අගනුවරින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අවම කිරීම එහි අරමුණ වී ඇත.

පෝලන්තයෙන් ගතවූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 4739 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 52 කි. මෙසේ අඛණ්ඩ තුන්වැනි දිනයටත් කොරෝනා රෝගීන් වාර්තාගත සංඛ්‍යාවක් හඳුනාගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

පෝලන්තයෙන් වාර්තා වන දෛනික රෝගීන් සංඛ්‍යාව මෙම සතියේ දෙගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවකින් ඉහළ ගොස් තිබේ.

ස්කොට්ලන්තයෙන් ගත වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 1246 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදු වී ඇති මරණ සංඛ්‍යාව 6 කි.

එළඹෙන දිනවල අදියර තුනක් යටතේ එංගලන්තය තුළ කොරෝනා වෛරසයට අදාළව සීමා පැනවීමට පියවර ගෙන ඇත. ඒ අනුව වෛරසයෙන් දැඩි බලපෑමට ලක් වී ඇති ප‍්‍රදේශවල ආපනශාලා වසා දැමීම වැනි ක්‍රියාමාර්ග බලපැවැත්වේ.

බීබීසී ඇසුරෙනි

226



අදහස් (0)

යුරෝපයේ රටවල් කිහිපයක කොරෝනා ව්‍යාප්තිය ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site