IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


යුද අපරාධ චෝදනා මත බංගලාදේශයේ ඉස්ලාම් පූජකයෙක් පෝරකේට

බංග්ලාදේශ නිදහස් සටන පැවැති 1971 වසරේදී යුද අපරාධ කළැයි චෝදනා ලද පූජකවරයකුට ඊයේ(22) එරට විශේෂ අධිකරණයක් මඟින් මරණ දඬුවම නියම කෙරිණි.
මෙසේ මරණ දඬුවම හිමි වූයේ ස්තී‍්‍ර දූෂණ සහ මිනීමැරුම් චෝදනා එල්ල වූ, රූපවාහිනී නාළිකා ඔස්සේ ආගමික වැඩසටහන් ඉදිරිපත් කරන මව්ලානා අබුල් කලාම් අසාද් නැමති ඉස්ලාමීය පූජකවරයකුටය.
බංග්ලාදේශ නිදහස් සටන පැවැති සමයේදී යුද අපරාධ සිදු කළ අය වෙනුවෙන් එරට රජය පිහිටු වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
කෙසේ වූවත් අගමැති ෂීක් හසීනාගේ රජය විසින් 2010 වසරේදී පිහිටුවන ලද මෙම යුද අධිකරණය ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන නොමැත. එය පිහිටු වූ අවස්ථාවේදී එරට විපක්ෂ කණ්ඩායම්වලින් පවා ඊට දැඩි විරෝධයක් එල්ල විය.
බංග්ලාදේශයේ විශාලතම ඉස්ලාමීය දේශපාලන පක්ෂය වූ ජමාත් ඊ ඉස්ලාමි පක්ෂයේ නායකයකු වූ අසාද් හින්දූන්ට එරෙහිව ප‍්‍රචණ්ඩකි‍්‍රයාවල නිරත වූ බවට දිගින්දිගටම චෝදනා එල්ල විය.
1971 දී බංග්ලාදේශය නිදහස් රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට පෙර හැඳින් වූයේ නැගෙහිර පාකිස්තානය ලෙසයි. එම නිදහස් සටනේදී ජමාත් පක්ෂය හා පාකිස්තාන හමුදා සෙබළුන් එක්ව පුද්ගලයන් මිලියන තුනක් පමණ ඝාතනය කළ බව පැවසේ.



අදහස් (0)

යුද අපරාධ චෝදනා මත බංගලාදේශයේ ඉස්ලාම් පූජකයෙක් පෝරකේට

ගාමිණී Tuesday, 29 January 2013 09:40 PM

දැනුයි මෙයාලට පලදෙන්න පටන් අරගෙන තියෙන්නෙ..!(නු)

:       0       0

ඉසුරන්දි Wednesday, 23 January 2013 10:43 PM

අනේ අම්මෝ මිලියන 3 කියන්නේ ලක්ෂ 30 ක් නේද ?? . උල තියලත් මදි එහෙමනම් (ස)

:       0       0

දෝහා Wednesday, 23 January 2013 10:51 PM

ඉර්ෆාන් නින්දෙන් නැගිටලාද කොහෙද? (නි)

:       0       0

සිල්වා Thursday, 24 January 2013 12:38 AM

ධර්මා, ඔබ දන්නවාද බංග්ලාදේශය70 දශකයේ සියයට 70ක් බෞද්ධයින් ජීවත්වූ රටක් බව? තව ඉදිරියටයි ලොකු සටන තියෙන්නේ. (නි)

:       0       0

ඉර්ෆාන් ධර්මා Wednesday, 23 January 2013 12:37 PM

කෝ අනේ, අපේ කට්ටිය මේ ප්‍රවෘත්තියට උඩ පැන පැන සාදුකාර දීගෙන ලංකාවේ මුස්ලිම් මිනිස්සුන්ට බැනලා අදහස් දාලා ඇති කියලා බැලුවා. කවුරුවත් කරලා නැහැනේ. (නි)

:       0       0

චින්තන Wednesday, 23 January 2013 02:18 PM

තමන්ගේ රටේ නිදහස් සටනට විරුද්ධව ක්‍රියා කළා නම් මෙහෙම දඩුවමක් දෙන එක සාධාරණයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 23 January 2013 07:52 PM

කොයිකාට වුණත් වරදකට නම් දඩුවම් ලැබිය යුතුයි. (නි)

:       0       0

සිල්වා Wednesday, 23 January 2013 08:37 PM

අපේ රටේ නම් යුධ අපරාධ කරලා රජ සැප විදින අයත් ඉන්නවා. (නි)

:       0       0

නිශාඩ් Wednesday, 23 January 2013 03:38 PM

මිනිස් ඝාතන වලට සම්බන්ධනම් දඩුවම් ලැබිය යුතුයි කවුරු උනත් (ස)

:       0       0

මධූ Wednesday, 23 January 2013 03:50 PM

හොඳ පුවතක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1743 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1437 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 517 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site