IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


යුක්රේන ජනපති සෙලෙන්ස්කී ප්‍රංශයේ

බ්‍රිතාන්‍ය සංචාරය අවසන් කළ සැණින්, සෙලෙන්ස්කී සිය ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිවරාගෙන ප්‍රංශයේ පැරිස් අගනුවර බලා ගියේය.

පැරිස් අගනුවරදී ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගෙන් ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමෙන් පසු යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පැරිස් අගනුවර බලා පැමිණි පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

පැරිසියට ආ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පිළිගැනීමට ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් ද පැමිණ සිටියේය. රුසියන් ප්‍රහාරවලට මුහුණ දීමට යුක්රේනයට අවශ්‍ය සහාය දිගටම ලබා දෙන බවට ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවේ ප්‍රතිඥා දුන්නේය.

රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියාවට ජයග්‍රහණය කිරීමට ඉඩ ලබා දිය යුතු නැතැයි යන්න තම ස්ථාවරය යැයි ප්‍රංශ ජනාධිපති සහ ජර්මන් චාන්සලර් පැහැදිලි කර තිබේ. ප්‍රංශ සංචාරය අවසන් කිරීමෙන් පසු සෙලෙන්ස්කී බෙල්ජියමේ බ්‍රසල් නුවරට ගොස් යුරෝපා සංගමයේ නායකයන් හමුවීමට නියමිතය.

(ඒ.එෆ්.පී)



අදහස් (0)

යුක්රේන ජනපති සෙලෙන්ස්කී ප්‍රංශයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23219 21

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18118 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10851 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 554 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 168 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site