IMG-LOGO

යුක්රේන ජනපති පෝලන්තයට යයි

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පෝලන්තයට පැමිණියේය. ‘නේටෝ’ සාමාජිකයකු ද වන පෝලන්තය, යුක්රේනයේ අසල්වැසියෙකි.

රුසියන් ප්‍රහාර හමුවේ, එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට යුක්රේනය හමුදාවට ප්‍රහාරක ජෙට් යානා අවශ්‍ය වී තිබේ.
නේටෝ සාමාජික යුරෝපා රටවල් කීපයක් යුක්රේනයට ප්‍රහාරක ජෙට් යානා ලබා දීමට කැමැත්ත පළ කර ඇති අතර, එම කටයුතු සිදුවන්නේ පෝලන්තය හරහාය. ඇමෙරිකාව ද එෆ්.16 වර්ගයේ ප්‍රහාරක යානා යුක්රේනයට ලබා දීමට සූදානමින් සිටී.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පෝලන්තයේ වෝෂෝ අගනුවරට ගියේ ප්‍රහාරක යානා ලබාදීම සිදුවන්නේ කෙසේදැයි සොයා බැලීමටය. රුසියන් ආක්‍රමණය හමුවේ යුක්රේනයට අවශ්‍ය සහාය ලබා දීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා පෝලන්ත රජයට ස්තුතිය පළ කළේය.

මේ අතර වෝෂෝ අගනුවරට පැමිණි යුක්රේන ජනාධිපතිවරයාට පෝලන්ත වැසියන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී වෙනුවෙන් හමුදා උත්තමාචාර ද පැවැත්විණි.

(රොයිටර්)



අදහස් (0)

යුක්රේන ජනපති පෝලන්තයට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 485 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 648 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 265 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site