IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


යුක්රේන ජනපතිගෙන් අගමැති මෝදිට ඇමතුමක්

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ලැබුණි. එහිදී, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සමඟ රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමේ සාම වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය.

රුසියන් යුක්රේන අර්බුදයේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉන්දීය රජය මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. ඉන්දියාව, රුසියාව සමඟත් යුක්රේනය සමඟත් යහපත් සබඳතා පවත්වාගෙන යයි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නර්නේද්‍ර මෝදිගේ සමීපතම මිතුරෙකි. රුසියාව සමඟ පවත්වන හිතවත්කම් ඒ අයුරින්ම පවත්වාගෙන යන අතර, යුක්රේනය සමඟ ඇති හොඳහිත පළුදු වීමට ද අග්‍රාමාත්‍ය මෝදි ඉඩ තබා නැත. ඉන්දියාව අඩු මිලට තෙල් මිලදී ගන්නේ ද රුසියාවෙනි.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ දුරකතන සාකච්ඡාවක් පැවැත් වූ බවත්, එහිදී රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කරුණු 10 කින් සමන්විත සාම වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා කළ බවත් පැවැසෙයි.

ඊට අමතරව, දෙරට අතර වෙළෙඳ කටයුතු වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

තමන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමැතුමක් ලබා දුන් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද පවසා තිබේ. ‘ජී20 සමුළුවේ සභාපති ධුරය ඉන්දියාවට හිමිවී ඇත.

2023 වසරේ ‘ජී 20’ සමුළුව පැවැත්වෙන්නේ ඉන්දියාවේය. ‘ජී20’ සභාපති ධුරය ඉන්දියාවට හිමිවීම සම්බන්ධයෙන් ද තමන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට සුබ පැතූ බව ජනාධිපති සෙලෙන්ස්කී පවසා ඇත.

මීට දින කීපයකට පෙර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ඇමෙරිකාවේ සංචාරයක නියැලිණි. රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකාවේ සංචාරය කළ පළමු අවස්ථාව එය විය.

එහිදී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සමඟ ද කරුණු 10 කින් සමන්විත නව සාම වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සාකච්ඡා පැවැත්වීය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (5)

යුක්රේන ජනපතිගෙන් අගමැති මෝදිට ඇමතුමක්

සදොඉප Wednesday, 28 December 2022 08:00 AM

සාමයක් ඇතිවෙනවානම් හොදයි .

:       0       13

සිල්වා Wednesday, 28 December 2022 08:17 AM

සෙලන්ස්කි, ඔබ ඇමරිකානු ලනු කාල ඇමරිකාව වෙනුවෙන් තමන්ගේ රට විනාශ කර ගන්නවා.

:       1       21

කිරිපුතා Wednesday, 28 December 2022 09:42 AM

අසාමාන්‍ය ඇමරිකන් ගැති භාවය යුක්රේනයේ විනාශයට හේතුව වග අවබෝධ කරගන්නා තුරු ඔවුනට මේ විනාශයෙන් ගැළැවිය නොහැක.

:       4       16

අජිත් Wednesday, 28 December 2022 10:56 AM

බලවත් අසල්වාසී රාජ්‍යය සමඟ ගනුදෙනු කරන ආකාරය මත රටක ආරක්ෂාව රඳා පවතී.

:       0       10

mangalaWednesday, 28 December 2022 12:49 PM

එහෙම කියලා ඒ බලවත් සහ විශාල රටේ පදයටම නටන්න ඕනෑ නැහැ. උදාහරණ රුසියාව සහ ෆින්ලන්තය, මැලේසියාව සහ සිංගප්පූරුව. ඒ රටත් එක්ක හොඳින් සහ තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වුණා නම් ඉතා හොඳයි. තවත් දෙයක් එකතු කරන්නම්... ෆින්ලන්තයේ සහ සිංගප්පූරුවේ වාසය කරන සෑම දෙනෙකුටම අවු.16න් පසු ආදායම් බලපත්‍රයක් සහ යුද හමුදා පුහුණුව අනිවාර්යයි. තමන්ගේ රට ආපදාවකට හෝ යුදමය තත්වයකට මුහුණ දුන්නොත් පැය 12ක් තුළ මුළුරටම යුද සූදානමකට ගත හැකියි...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 99 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site