යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, එක්සත් ජාතීන්ගේ 78 වැනි මහා මණ්ඩල සැසිය අමතමින්, ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කළේ, රුසියාවෙන් යුක්රේනයට එල්ල වන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් එක්සත්ව නැගී සිටිය යුතු බවය.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණ, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ආමන්ත්‍රණය කළේ රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමෙන් පසු පළමු වරට සැසියට සහභාගී වෙමිනි. පසුගිය වසරේ සෙලෙන්ස්කී සැසියට සහභාගී වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
යුක්රේනයට එල්ල වුණු රුසියන් ආක්‍රමණය, ගෝලීය වශයෙන් ද තර්ජනයක් වී ඇති බව සෙලෙන්ස්කී ලෝක නායකයන් හමුවේ පැහැදිලි කළේය. ජගත් මහා මණ්ඩල සැසියට සමගාමීව, යුක්රේන ජනධිපති සෙලෙන්ක්සී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ ද හමුවක් පැවැත්වීමට නියමිතය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යුක්රේන ජනාධිපතිවරයා ජගත් මහා මණ්ඩලය අමතයි