
රුසියන් හමුදාව, කීව් අගනුවර ඉලක්ක කර ගනිමින්, ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ගුවන් ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියන් 19 දෙනකු ජීවිතක්ෂට පත් වුණු බවත්, ඔවුන් අතර කුඩා දරුවන් නව දෙනකු සිටින බවත් පැවැසෙයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සාම වැඩපිළිවෙළක් සකස් කර ඇති නමුත් එම වැඩපිළිවෙළ මෙතෙක් සාර්ථක වී නැත.
කිව් අගනුවරට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන්, යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දොස් නැගුවේය. ඒ, ජනාධිපති ට්‍රම්ප්, ලොව ප්‍රබලතම නායකයා වුවත්, දුර්වලයකු බව පවසමිනි. යුක්රේන ජනාධිපතිවරයා දිගින් දිගටම පෙන්වා දෙන්නේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සාමය අවශ්‍ය නොවන බවටය.
කීව් අගනුවරට එල්ල වුණු එම රුසියන් ගුවන් ප්‍රහාරයෙන් නගරයේ ගොඩනැගිලි කීපයක ගින්නක් ද හටගත් බව කීව් අගනුවර නගරාධිපති විටාලි ක්ලිට්ෂ්කෝච් පවසයි. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1431
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යුක්රේන අගනුවරට රුසියන් මිසයිල ප්‍රහාර