ඉන්දියාවේ මුම්බායි නුවර පදිංචි ෂෙහෙනවාස් ෂෙයික් ( Shahnawaz Shaikh ) නැමැති අවුරුදු 32ක තරුණයෙක් තම මෝටර් රථය ඉන්දියානු රුපියල් ලක්ෂ 22කට විකුණා ඒ මුදලින් ඔහු ඔක්සිජන් ටැංකි මිලදී ගැනීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
ඉන්දියාවේ ධනවතුන් රට අතහැර වෙනත් රටවලට පලා යමින් සිටින අවස්ථාවක මෙම ඉන්දීය තරුණයා මෙම සද් කාර්යය ඉටු කර ඇත්තේ මේ දිනවල විශාල වශයෙන් කොවිඩ් ආසාදිතව ඔක්සිජන් නොමැතිව මියයන මිනිසුන් වෙනුවෙනි.
ඔක්සිජන් නොමැති අසරණ රෝගීන් හට ඔක්සිජන් ටැංකි බෙදාදීම මෙම තරුණයාගේ ප්‍රධාන අරමුණ වී තිබෙන අතර ෂෙහෙනවාස් සහ ඔහුගේ මිතුරන් එක්ව 4000කට අධික රෝගීන් පිරිසකට උදව් කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී..
මෙම උතුම් ක්‍රියාවට ඔහුට සිත යොමුවී ඇත්තේ, මාස 6 ක ගැබිනියක්ව සිටි ඔහුගේ මිතුරාගේ බිරිඳ රෝහල් 5 කින් හරවා යවා තිබුනේ oxygen නොමැතිවීම නිසා, ඒ හේතුවෙන් මිතුරා ගේ බිරිද ඔහු ඉදිරිපිටදී මිය ගියේ ත්‍රීරෝද රථයක් තුල මියයෑමේ සිද්ධියක් නිසාවෙනි.
එයින් අතිශය කම්පාවට පත් ඔහු තම ෆොර්ඩ් වර්ගයේ මෝටර් රථය විකුණා ඒ මුදලින් ඔක්සිජන් ටැංකි මිලට ගෙන , ඔක්සිජන් ලබා ගැනීමට නොහැකි රෝගීන්ට එවා බෙදා හරිමින් සිටි..
ඉන්දියාවේ ඔහුව දැන් “ඔක්සිජන් මිනිසා” යනුවෙන් හඳුන්වන අතර ඔහු විසින් දැනට ඔක්සිජන් නොමැතිව මරණයට ලක්වීමට සිටි බේරාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 950 කි..
ඒ සියලුදෙනාම රෝහල් වලින් ඔක්සිජන් නොමැතිව හරවා යැවු මිනිස්සුන් බව සඳහන්..ඊට අමතරව ඔහු ආහාර පැකට් සහ වතුර බෝතල් බෙදා හැරියා. ෂෙහෙනවාස් මේ සියල්ග සිදු කරනු ලැබුවේ කළේ ඔහුගේ පෞද්ගලික ඉතිරිකිරීම් වලිනි.
(මුම්බායි මිර්ර් ඇසුරෙනි)
COMMENTS
අපි හිතන විදිහේ දෙවිවරු නෑ, යාඥා කරලා මොකුත් ලැබෙන්නේ නෑ, එ්ත් මනුස්සයෙක්ට පුළුවන් දෙවියෙක් වෙන්න, කිසිම බලාපොරොත්තුවක් නැති මිනිස්සුන්ට සහනයක් දෙන්න. මේ කොල්ලා කළෙත් ඒ දේම තමයි. කිසිම උදව්වක් නොමැති, ජීවිතේ අඳුරුම කාලෙකදී ආලෝකයක් දුන්නු දෙවියෙක්...
ඔබ වැනි පින් සිත් ඇති , උතුම් මිනිසුන් කිහිප දෙනෙක්වත් ඉන්දියාවේ සිටියානම්, අද ඉන්දියාව මුහුණපා ඇති භයානක ඉරණමෙන් ගැලවෙන්නට තිබුණා. ඉන්දියාවේ මිනිසුන් වන්දනාමාන කල සුපිරි නළු නිලියන් රටේ මිනිසුන් ජීවිතය ඉල්ලා කෑගසද්දී...ඔවුන්ව දමා පන බේරාගෙන වෙනත් රටවලට පැනගිය මොහොතක .ඔබ ජීවමාන දෙවියෙක්මවිය.