මාස තුනකට පසු ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ අඩුම කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (20) වාර්තා වූයේ යැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන පසුගිය සැප්තැම්බර් මාසයේදී උච්ඡතම අවස්ථාවට පැමිණියේය.
ඉන්දියාවෙන් අද පෙරවරුවෙන් අවසන් වූ අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 46,790 දෙනකු වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 7.6ක් දක්වා ඉහළ ගියේය.
තවමත් ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඉන්දියාව එහි දෙවැනි තැන පසුවෙයි.
ඉන්දියාවෙන් අවසන් පැය 24 දී වයිරස ආසාදිත මරණ 587ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 115,197ක් දක්වා ඉහළ ගියේය.
උත්සව සහ නිවාඩු සමය ඉදිරියේදී පැමිණෙන බැවින් ඉදිරියේදී වයිරස ආසාදිතයන් වාර්තා වීම වැඩිවනු ඇතැයි සෞඛ්‍ය අංශ මේ වනවිටත් අනතුරු අඟවා ඇත. හින්දු උත්සව දුර්ගා පූජා උත්සවය මේ මස පැවැත්වීමට නියමිත අතර දීවාලි උත්සවය ලබන මස මැදදී පැවැත්වීමට නියමිතය.
රොයිටර්
055
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මාස තුනකට පසු ඉන්දියාවෙන් දෛනික වයිරස ආසාදිතයන්ගේ අඩුවක්