IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


මොස්කව් නුවරට පහර දෙන්න එපා

යුක්රේනය, රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල නොකළ යුතු බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, රුසියාවට ‘රිදෙන අයුරින්’ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින්, මිසයිල ප්‍රහාර එල්ල කිරීමට හැකිදැයි, ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතරේ සිදුවුණු කතාබහක් ඇමෙරිකන් මාධ්‍ය අනාවරණය කිරීමෙන් පසුවය.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර ඇති ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගිය 4 වැනිදා, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සමඟ කතාබහ කළ අවස්ථාවේදී විමසා ඇත්තේ, රුසියාව යුක්රේනයට පහර දෙන අයුරින්, යුක්රේනයට රුසියාවේ මොස්කව් අගනුවරට ප්‍රහාරයක් එල්ල කළ හැකිදැයි සම්බන්ධයෙනි.

‘රුසියාවට රිදෙන අයුරින් මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන්න ඔබට පුළුවන්ද?’ ට්‍රම්ප් විමසූ විට, සෙලෙන්ස්කී මෙසේ පිළිතුරු දෙයි. ‘ඔව් පුළුවන්. අවශ්‍ය අවි ආයුධ අපට ලබා දෙනවා නම්, අපට එසේ කරන්න පුළුවන්’
මෙම සන්වාදය, නිව්යෝක් ටයිම්ස් හරහා ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ ආන්දෝලනයක් නිර්මාණය විය. යුක්රේනය, රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල නොකළ යුතු බව ට්‍රම්ප් අවධාරණය කළේ ඉන් පසුවය.

ට්‍රම්ප් දිගින් දිගටම උත්සාහ ගනිමින් සිටින්නේ රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටය. ඔහු සෙලෙන්ස්කී මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කර ඇති අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ දුරකතන සන්වාද කීපයක් පවත්වා ඇත.
එසේ වුවත් පුටින් සටන් විරාමයක් ගැන හෝ සාම සැලැස්මක් ගැන හෝ උනන්දු නොවීම හේතුවෙන්, තමන්ට පුටින් ගැන කලකිරීමක් ඇතිවුණු බව ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත. එසේ වුවත්, තමන් පුටින් අත්හැර දමා නොමැති බවත්, දිගින් දිගටම සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.

රුසියන් ජනාධිපති පුටින් යුක්රේන යුද්ධය අවසන් කිරීමට උනන්දුවක් නොදක්වන බැවින්, රුසියාවට සියයට 100 ක තීරු බදු පැනවීම් සිදු කිරීමට තමන් පසුබට නොවන බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් මේවනවිටත් ඇමෙරිකාව රුසියාවට දැඩි ලෙස සම්බාධක පැනැවීම් කර ඇත. යුද්ධය අවසන් කර සටන් විරාමයකට සහ සාම වැඩපිළිවෙළකට යන්නැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා රුසියන් ජනාධිපති පුටින්ට දින 50 ක කාලයක් ලබා දී ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.



අදහස් (0)

මොස්කව් නුවරට පහර දෙන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site