IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මාලි රටේ නගර කීපයක් සටන්කාමීන්ගෙන් මුදා ගැනේ

ප‍්‍රංශ හමුදා සෙබළුන්ගේ සහාය ඇතිව අල් කයිඩාවළට සම්බන්ධ ඉස්ලාමීය සටන්කාමීන්ගේ ග‍්‍රහණයේ පැවැති ප‍්‍රධාන නගර කීපයක් යළි අත්පත් කර ගැනීමට තමන්ට හැකි වූ බව මාලි හමුදාව පවසයි.
ඒ අතරින් ගෝ නමැති නගරය මුදා ගැනීමට දින දෙකක් තිස්සේ සටන්කාමීන් සමඟ සටන් වැදීමට සිදුවූ බව ද මාලි හමුදාව වැඩි දුරටත් කියා සිටී.
දේශපාලනික වශයෙන් අස්ථාවර තත්ත්වයක පසුවන උතුරු අපි‍්‍රකාවට අයත් මාලි රාජ්‍යයේ පසුගිය වසරේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවී රට දේශපාලනික වශයෙන් අස්ථාවර විය.
එම අවස්ථාවෙන් ප‍්‍රයෝජනගත් උතුරු අපි‍්‍රකානු අර්ධ ද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සහ සෙසු ඉස්ලාමීය ජිහාඞ් සටන්කාමීහු එහි නගර රැසක් අත්පත් කර ගත්හ.
මාලි රාජ්‍යය සටන්කාමීන්ගෙන් මුදා ගැනීමට අන්තර්ජාතික සහාය මාලි හමුදාවටත් එරට රජයටත් හිමිවිය. ප‍්‍රංශය පමණක් නොව බටහිර අපි‍්‍රකා රාජ්‍යයන් සහ අපි‍්‍රකානු සංගමය ද ඔවුන්ගේ හමුදා මාලි රාජ්‍යයට යැවුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීම පරිදිය. මාලි රාජ්‍යය කලක් ප‍්‍රංශයේ යටත් විජිතයක් ලෙස පැවැතිණි.



අදහස් (0)

මාලි රටේ නගර කීපයක් සටන්කාමීන්ගෙන් මුදා ගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 649 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17695 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 734 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site