
අප්‍රිකාවට මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.
අනතුරට පත් වෙද්දී, උප ජනාධිපති සවුලෝස් චිලිමා ඇතුළු තවත් 9 දෙනකු ගුවන් යානයේ සිට ඇත. අනතුරට පත් වූයේ මලාවි හමුදාවට අයත් ගුවන් යානයකි.
මලාවි යනු ගිනිකොණදිග අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. 51 හැවිරිදි උප ජනාධිපති චිලිමා සහ පිරිස රැගත් එම යානය, මලාවි රාජ්‍යයේ ලිලොංග්වේ අගනුවරින් පිටත් වී ඇත්තේ කිලෝ මීටර් 370 ක් ඈතින් පිහිටි ම්සුසු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යෑමටය. එය මිනිත්තු 45 ක ගුවන් ගමනක් වූ බව පැවැසෙයි.
කෙසේ නමුත් ගුවන්ගත වී මිනිත්තු කීපයක් ගතවෙද්දී, යානය රේඩර්වලින් තිරයෙන් අතුරුදන් විය. එසැණින් යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කර සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ බව මලාවි ජනාධිපති ලසරස් චක්වේරා පැවැසීය.
මලාවි ජනාධිපති ලසරස් චක්වේරා බහාමාස් සංචාරයකට සූදානම් වී සිටි නමුත් උප ජනාධිපතිවරයාට සිදුවුණු අකරතැබ්බ හේතුවෙන් එම ගමන අවලංගු කළ බව ද පැවසිණි.
යානය අනතුරට පත්වූයේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැති බවත්, ඒ ගැන විමර්ශන කටයුතු ආරම්භ වී ඇති බවත් මලාවි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. යානයේ සුන්බුන් හමුවී ඇත්තේ වනාන්තර ප්‍රදේශයෙනි.
ඇතැම් මාධ්‍ය වාර්තා අනුව, මලාවි උප ජනාධිපතිවරයා ගමන් කර ඇත්තේ හමුදා ගුවන් යානයකින් නොව හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකිනි.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
825
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මලාවි උප ජනපති ගුවන් අනතුරින් මරුට
සවුලෝස් චිලිමා Tuesday, 11 June 2024 04:25 PM
ඊලඟ සුභ පුවත ලංකාවෙන් ...
shantha Tuesday, 11 June 2024 04:39 PM
මේ වගේ සුභ ආරංචියක් ශ්‍රී ලංකාවේ අපිට අහන්න ලැබෙන්නේ කවදාද දෙවියනේ ?
Manjula Bandara Tuesday, 11 June 2024 07:12 PM
ඇයි අපට එහෙමවත් සතුටක් නැත්තේ
chandima Tuesday, 11 June 2024 08:10 PM
මේ දවස්වල ගුවනින් එහා මෙහා යන ජනාධිපතිලාට නරක කාලයක් වගේ...හොඳ වෙලාවට අපේ පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිට රට යන්න වැඩිපුර සල්ලි වෙන් කරන්න යන්නේ..