මාර්තු මස අට වැනිදා මලයාසියාවේ ක්වාලාලාම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබියදී කාර්යමණඩලය ඇතුලු මගීන් 251 දෙනෙකු සමග අතුරදන්වූ මලයාසියා ගුවන් සේවයේ එම්.එච්.370 අංක දරන ගුවන් යානය සොයා ඉන්දියන් සාගරයේ මුහුද පත්ල පීරමින් සිදුකැරෙන මෙහෙයුම් මේ වන විට අවසානය දක්වා එළඹෙමින් තිඛෙන බව එම මෙහෙයුම්හි නිරතව සිටින පරීක්ෂණ කණ්ඩායම් කියති.
යානය අතුරුදන්වී මේ වන විට දින 47 ක් ගතවී තිබෙන අතර මේ දක්වා එයට සිදුවූයේ කුමක්දැයි නිශ්චිතව සනාථ කෙරෙන සාක්කියක් සොයාගැනීමට හැකිවී නොමැත.
ඉන්දියන් සාගරයේ පතුල පීරා කිසිදු සාක්කියක් සොයාගැනීමට එළැඹෙන දින කිහිපය ඇතුළතුලදී නොහැකිවුවහොත් යානය සොයා නැවත අලූතින් මුල සිටම මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සිදුවනු ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් පවසති.
පරීක්ෂණ කණ්ඩායම් ඉන්දියන් සාගරය පිරික්සමින් සිටින්නේ රේඩාර් හා චන්ද්‍රිකා ආධාරයෙන් අනාවරණය කරගෙන ඇති පරිදි යානය අතුරදන්වීමට මත්තෙන් එය ගමන් කරමින් තිබී ඇත්තේ ඉන්දියන් සාගරය ඉහළින් වීම නිසාය.
මේ අතර ඉදිරිපත්ව ඇති නව මතයක් වන්නේ යානය රහසේ වෙනත් රටකට හෝ ප්‍රදේශයකට ගොඩබස්වා ඇති බවයි.ඇමරිකාවේ නිශ්පාදනයක් වන zzබ්ලුෆින් 1zz වැනි අධිතාක්ෂණික මුහුදු පරීක්ෂක යාත්‍රාවක් පවා යොදාගනිමින් සිදුකෙරෙන මෙහෙයුම් වලින් තවමත් ප්‍රතිඵලයක් නොමැති තැන පරීක්ෂණ කණ්ඩායම්ද දැන් මෙම නව මතයේ එල්බ සිටින සෙයක් පෙනේ.
මැලේසියාවේ ඊසාන දිග කොටසේ වාසය කරන්නවුන් මිීට පෙර අවස්ථාවකදී ගුවන් යානයක් ඉතා පහතින් පියාසර කර යනු තමන්ට ඇසුණු බවයි.මේ කරුණු සම්බන්ධයෙන් කළ විමර්ෂණයකදී හෙළීවූයේ එම වැසියන් තමන්ට ගුවන් යානයක හඩ ඇසුනේයැයි පැවසූ කාලය අතරතුරදී ගුවන් යානය ගුවන් පාලක මැදිරියේ රේඩාර් පථයෙන් මැකී ගොස් ඇති බවයි.
යානය පහතින් පියාසර කොට කිසියම් ප්‍රදේශයකට ගොඩබස්වා ඇත්දැයි යන සැකය සයුරු පතුලේ සිදුකෙරෙන පරීක්ෂණයන්ගෙන් ප්‍රතිඵලයක් ලැඛෙන බවක් පෙනෙන්නට නොමැති හෙයින් යළිත් දලූලා වැඩෙන්නට පටන් ගෙන ඇති ආකාරයක් දැක ගැනීමට හැකිය.
නමුත් විශේෂඥයින් පවසන්නේ යානය ගොඩබැස්වීමක් සිදුව ඇත්නම් එය ගොඩබස්වා ඇත්තේ මැලේසියාවට යාබදව පිහිටන රටවල් 20 න් එකකට පමණක් බවත් එවැනි ගොඩබැස්වීමක් සිදුව ඇත්නම් එම රටක් ඒ බව මේ තරම් කාලයක් සගවාගෙන සිටීම විශ්වාස නොකළ හැක්කක් බවත්ය.
මැලේසියා බළධාරීන් යානයේ ගමන් මග සම්බන්ධයෙන් රේඩාර් හා චන්ද්‍රිකා තොරතුරු අනෙක් රටවලින් ඉල්ලා සිටියද එම රටවල් තම තමන්ගේ ආරක්ෂක හේතූන් නිසා සියලූ තොරතුරු මැලේසියාව වෙත ලබාදීද නොමැති බව සදහන්ය.මෙනිසා යානය ගමන් කළ නියම දිශාව මේ දක්වාම සොයාගැනීමට අපහසුව තිබේ.
යානය පිළිඹද හොද හෝ නරක හෝ වේවා තොරතුරක් ඉක්මනින්ම ලැඛෙනු ඇතැයි සියලූ දෙනාගේ අපේක්ෂාවයි.
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මලයාසියා යානය ගැන තොරතුරක් නෑ