IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘මුරපදේ කටින්‘

යතුරු ලියනය කරන මුරපද  හෙවත් රහස් පද වෙනුවට ශබ්ද නැගෙන මුරවචන භාවිතය ආරම්භ කිරීමට ගූගල් සමාගම කටයුතු කරමින් සිටින්නේයැයි වාර්තා වේ.

මෙම ක‍්‍රමය භාවිතය ලොවට මුලින්ම හදුන්වාදුන් ඊශ‍්‍රායෙල සමාගමක් වන ‘‘ස්ටික්ලොගින්‘‘ පසුගියදා ගූගල් සමාගම තම සමාගම් ජාලයට එක් කර ගැනීමත් සමග මේ බව හෙළිවී තිබේ.

සිටික්ලොගින් සමාගමේ පද්දතියට අනුව මිනිස් කණට නොඇසෙන එහෙත් පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ හෝ වන මයික‍්‍රපෝනයකින් හදුනාගත හැකි ශබ්ද තරංගයක් අනුව පරිගණක අගුල් ලෑම හෝ විවෘත කිිරීම ආදිය සිදුකළ හැක.එක් පුද්ගලයෙකු භාවිතා කරන ශබ්ද තරංගය වෙනත් පුද්ගලයෙකු භාවිතා කරන ශබ්ද තරංගයකින් වෙනස් වන අතර මෙනිසා මුර පද වලට වඩා ආරක්ෂාව ඉහළය.

ගූගල් සමාගම මේ පද්දතිය තවදුරටත් දියුණු කර සමාජ වෙබ් අඩවි ගිණුම්,විද්‍යුත් තැපැල් ගිණුම් ආදියටත් භාවිතා කළ හැකි වන සේ හදුන්වාදෙනු ඇතැයි විශ්වාස කෙරේ.

ගූගල් සමාගම දැනටමත් පෞද්ගලික තොරතුරු ආරක්ෂණය කළ හැකි ක‍්‍රම රැසක් හදුන්වාදී තිබෙන අතර ජංගම දුරකථන සදහා හදුන්වාදුන් භාවිතාකරන්නාගේ රූපය හදුනාගෙන අගුලූ විවර කිරීමේ ක‍්‍රමවේදය ඒවා අතුරින් නවතම වේ.

 



අදහස් (0)

‘මුරපදේ කටින්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site