IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මරණ දඬුවම නියම වූ ඊජිප්තු පා පන්දු කී‍්‍රඩකයන්ට නිදහස

ඊජිප්තුවේ පෝට් සෙයිඞ් පා පන්දු කී‍්‍රඩාංගනයේ ඉකුත් වසරේ සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට සම්බන්ධ යැයි චෝදනා ලැබූ කී‍්‍රඩා ලෝලීන් 21 දෙනකුට එරට අධිකරණයක් මගින් මරණ දඬුවම නියම කිරීමත් ඊට දැඩි ජනතා විරෝධයක් එල්ල වීමෙන් හේතුවෙන් එම 21 දෙනා නිදහස් කිරීමට රජයට සිදුවිය.
කයිරෝ නුවර අධිකරණය එම කී‍්‍රඩා ලෝලීන්ට 21 දෙනාට මරණ දඬුවම නියම කළේ ඉකුත් වසර අවසානයේදීය. එම අධිකරණ තීන්දුවට විරෝධය පළ කරමින් එදා සිට මේ වනතෙක්ම කයිරෝ නුවර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුවිණි.
එම විරෝධතාකරුවන් මර්දනය කිරීමට පොලිසිය යෙදවිණි. පොලිස් නිලධාරීහු රබර් උණ්ඩ සහ කඳුළු ගෑස්වලින් විරෝධතාකරුවන්ට පහර දුන්හ. 
එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් ද දහසකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. විරෝධතාකරුවන් ඉකුත් 10 වැනිදා සූවස් ඇලේ ගමනා ගමන කටයුතු නැවැත්වීමට ද උත්සහ කළ නමුත් එය අසාර්ථක විය. 
රජයේ දේපොළවලට හානි කරමින්, ගොඩනැගිලි ගිනිබත් කරමින් කලහ කරන්න වූ විරෝධතාකරුවන් බල කර සිටියේ එම කී‍්‍රඩා ලෝලීන් 21 ක් දෙනා නිදහස් කරන ලෙසටය.
ඉකුත් වසරේ පෝට් සෙයිඞ් කී‍්‍රඩාංගනයේ පැවැති එම ගැටුමින් 77 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 300 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 



අදහස් (0)

මරණ දඬුවම නියම වූ ඊජිප්තු පා පන්දු කී‍්‍රඩකයන්ට නිදහස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site