තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවලින් මියගිය ගණන 21,000 පසු කළේය. භූමි කම්පාවලින් වැඩිපුර හානි සිදුවූයේ තුර්කියටය.
තුර්කියේ මියගිය ගණන 18,000 ක් බව පැවැසෙයි. සිරියාවේ මියගිය ගණන වාර්තා වන්නේ 4,000 ක් ලෙසය.
විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ භූමි කම්පාවලින් මියගිය ගණන 35,000 ඉක්මවා යනු ඇති බවය. තුර්කිය මෙන්ම සිරියාව ද පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි.
එහෙයින්, භූමි කම්පා හට ගැනීමේ අවදානමක් පවතී. අවසන් වරට තුර්කිය මහා භූමි කම්පාවකින් කැලැඹී ගියේ 1939 දීය. එම භූමි කම්පාවෙන් මියගිය ගණන 33,000 පසු කළේය.
ප්‍රබල භූමි කම්පා දෙකකින් සහ අතුරු භූමි කම්පා 120 කින් තුර්කිය සහ සිරියාව කැලැඹුණේ පසුගිය 5 සහ 6 යන දෙදිනය. භූමි කම්පාවලින් දෙදෙරා ගොස් බිමට සමතලා වූ ගොඩනැගිලිවල සුන්බුන් අතරින් තුවාල ලැබූවන් සහ මළසිරුරු ඉවත්කිරීම දිනය පුරා පැවැත්විණි.
(රොයිටර්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මියගිය ගණන 21,000 ඉක්මවයි
kumara Friday, 10 February 2023 07:51 PM
ඔයාලත් පිස්සු කෙලිනවනේ... භූමිකම්පාව වෙලා තියෙන්නේ තුර්කියේ, මැරිලා ඉන්නේ ඉතාලියේ..