මිනිස් සිරුරේ තුවාලවල වැඩෙමින්, මිනිස් මාංශ ආහාරයට ගත් ‘ස්කෲවර්ම්’ වර්ගයේ පරයෝෂිත පණුවකු පළමු වරට ඇමෙරිකාවෙන් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි.
මෙම පණුවා, පරපෝෂිත මැස්සකුගේ බිත්තරවලින් බිහිවන සත්වයෙකි. එම මැස්සා හැඳින්වෙන්නේ ‘ස්කෲවර්ම්’ මැස්සන් යනුවෙනි. ස්කෲවර්ම් මැස්සාගේ ද ජීවන චක්‍රය වන්නේ බිත්තර, කීටයා (පණුවා), පිලවා සහ මැස්සාය.
‘ස්කෲවර්ම්’ මැස්සන්, දකුණු ඇමෙරිකා මහද්වීපයේ පහළින් පිහිටි රටවලත් කැරිබියානු රටවලත් බහුලව දකින්න ලැබෙයි. සාමාන්‍යයෙන් ‘ස්කෲවර්ම්’ මැස්සන් බිත්තර දැමීම සිදුකරන්නේ ගොවිපොල සතුන්ගේ තුවාලවලය.
‘ස්කෲවර්ම්’ මැස්සන් මැස්සකු මනුෂ්‍යයකුගේ තුවාලයක බිත්තර දමා පණුවන් බිහිවුණු බව වාර්තා වූ පළමු අවස්ථාව මෙය යැයි ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි.
‘ස්කෲවර්ම්’ මැස්සන්, දකුණු ඇමෙරිකාවේ පහළින් පිහිටා ඇති රටවල ගොවිපොල සතුන් අතරේ වසංගත ලෙස ව්‍යාප්ත වෙයි. එවැනි වසංගත, ආර්ථිකයට ද විශාල වශයෙන් බලපෑම් එල්ල කරයි.
ඇමෙරිකාවේ ගොවිපොල සතුන්ට ද මැස්සන්ගෙන් බලපෑමක් ඇතිදැයි සෙවීමට ඇමෙරිකාවේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය සහ ඇමෙරිකන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අත්වැල් බැඳගෙන සිටී.
‘ස්කෲවර්ම්’ පණුවන් හමුවුණු මේරිලන්ඩ් පදිංචිකරුවකු බවත්, ඔහු දකුණු ඇමෙරිකා රාජ්‍යයක් වන එල් සැල්වදෝර්යේ සිට යළි මේරිලන්ඩ් බලා පැමිණීමෙන් පසු රෝගී වී ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පැහැදිලි කරති.
‘ස්කෲවර්ම්’ මැස්සා, තුවාලයක බිත්තර දැමීමෙන් පසු, පැය 24 ක් ගතවෙද්දී, එම බිත්තර පුපුරා පිටතට පැමිණෙන කීටයන් (පණුවන්) තුවාලයේ මාංශ ආහාරයට ගනිමින් වැඩෙයි. අවශ්‍ය පෝෂණය ලබා ගැනීමෙන් පසු තුවාලයෙන් වැටෙන පණුවන් තවත් දින කීපයක් යද්දී මැස්සන් බවට පත් වෙයි.
ඇමෙරිකාවේ ගොවිපොල සතුන් අතරේ විශේෂයෙන් ගවයන් අතරේ ‘ස්කෲවර්ම්’ මැස්සන්ගේ වසංගතයක් ඇති වුවහොත් එය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කිරීමට ඉඩ ඇති බව බලධාරීන් අනතුරු ඇඟවීම් කර ඇත.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
මිනිස් මාංශ බුදින පණුවෙක් ඇමෙරිකාවේ