‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රසීලයේ රියෝ දි ජිනයිරෝ නුවරට පැමිණියේය. අග්‍රාමාත්‍ය මෝදි බ්‍රසීලයට පැමිණියේ අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවේ සංචාරය කිරීමෙන් අනතුරුවය.
නයිජීරියාවට ගිය මෝදිට නයිජීරියා ජනාධිපති බෝලා ටින්බුගෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ පැවැති සාකච්ඡා ඵලදායී වූ බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. පසුගිය දා නයිජීරියාව මහ වැසිවලින් සහ ජල ගැලීම්වලින් පීඩාවට පත් විය. එසේ පීඩාවට පත්වුණු වැසියන්ට මානුෂීය ආධාර ලබා දීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉදිරිපත් විය. ටොන් 20 ක මානුෂීය ආධාර ලබා දීමට ද මෝදි පොරොන්දු විය.
‘ජී20’ රාජ්‍ය නායක සමුළුව දෙදින පැවැත්වෙයි. ධුරයෙන් සමුගැනීමට සූදානම් ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් ඇතුළු ලෝක නායකයෝ ඊට සහභාගී වෙති. සමුළුවට සමගාමීව, මෝදි සහ බයිඩන් අතරේ ද මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ ද සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් අනාවරණය කර තිබේ.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මෝදි බ්‍රසීලයට